
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක (කෝටි 62 ) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධානය කළ හොරණ ගෝනපල ප්‍රදේශයේ පාක්ෂික හමුවක් අමතමිනි.
අමාත්‍යවරයා මෙසේද කීය.
කෑගල්ල නගර සභාවේ සභාපති ජි. කේ. සමරසිංහ ලක්ෂ 103 .5 යි , බලන්ගොඩ නගර සභාවේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. පි. ගුණරත්න රුපියල් ලක්ෂ 104.5 යි , කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජි. ඒ. මුණගොඩ රුපියල් ලක්ෂ 109.5 යි , මිනුවන්ගොඩ නගරාධිපති එච්. කේ. ඩබ්ලිව්. ජයසේකර රුපියල් ලක්ෂ 122.56 යි , සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ රුපියල් ලක්ෂ 131 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එල්. පත්මකුමාර රුපියල් ලක්ෂ 129. 2 යි , රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් රුපියල් ලක්ෂ 139.9 යි , කැස්බෑව නාගරික මන්ත්‍රී පි. ඩි. ධර්මදාස රුපියල් ලක්ෂ 144.8 යි , අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පි. සෝමදාස රුපියල් ලක්ෂ 178 .7 යි , ගම්පා ප්‍රාදේශීය සභාවේ සභාපති කේ කේ අබේරත්න රුපියල් ලක්ෂ 221.6 යි , බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතින්ම සුනිල් ප්‍රේමසිරි රුපියල් ලක්ෂ 233.5 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩබ්ලිව්. එල්. විජේසේකර රුපියල් ලක්ෂ 267.5 යි , හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ආර් කුමාර රුපියල් ලක්ෂ 352 යි , කැස්බෑව නගරාධිපති නැන්දනිය ලාලිනි කැලුම් රුපියල් ලක්ෂ 392 යි , කොටි කාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජගත් කුමාර රුපියල් ලක්ෂ 450.6 යි , දඹුල්ල නගර සභාවේ සභාපති හේමන්ත ජාලිය රුපියල් ලක්ෂ 627.9 යි , කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 698.7 ක මුදලක් එලෙස ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ලක්ෂ්මන් පෙරේරායි එයාගේ නැන්දම්මයි අරන් තියෙනවා රුපියල් ලක්ෂ 1088 ක් භාණ්ඩාගාරයට ඔබ යවපු බදු මුදල් තමයි පසුගිය කාලයේ මේ විදියට තමන්ගේ හිතවතුන් අතරේ බෙදා ගෙන තියෙන්නේ
දැන් ඒවට වෙනම පරීක්ෂණයක් යනවා මොකද ආණ්ඩුවෙන් වන්දි ගත්තට අමතරව සමහර අය රක්ෂණයෙනුත් අරගෙන .
මෙහෙම තමයි ඒගොල්ලෝ භාණ්ඩාගාරය විනාශ කළේ.
COMMENTS
ගිනි තියපු එවුන් කවුද කියලත් කියන්නකෝ ලොක්කා
අනේ ඉතින් ගම් මැද්ද වල් වල තියෙන ඕපා දූප, කේලම් කිය කියා හිටපල්ල. රට දියුනු වෙයි ඉබේටම
එතකොට ගිනි තියපු අය අල්ලන්නෙ නැද්ද? ගිනි තියපු නිසානෙ වන්දි ගත්තෙ. එතකොට ඇත්තටම භාන්ඩාගාරය හිස් කරන්න හේතුවෙලා තියෙන්නෙ මොකද්ද?
පරගලය කල්ලා ගෙවල් ගිනි තියපු උන් සහ මිනී මරපු උන්ගේ ලිස්ට් එකත් එලියට දාපල්ලා….
ගෙවල් ගිනි තැබීම සහ ඒවට අනුග්‍රහය දැක්වීම ඊට වඩා විනාශකාරී වැඩක්. එහෙම නොකලා නම් මේක වෙන්නේ නෑ. 87-89 කාලෙත් ඔබලා කරපු විනාශයන් නැවත ගොඩ නගන්න වැය කලේත් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි තමයි.
ඔයාලා මේ සැරෙත් ඉල්ලනවැයි.. අපි දෙන්න ම කියල හිතාගෙන ඉන්නෙ, ඒකයි.
මෙහෙම තමයි ඒ ගොල්ලො නෙවෙයි ඔය ගොල්ලො එදා ඉදන් ගිනිතියල රට විනාශ කළේ....
වන්දි ගන්නේ නැත්තේ මොකද? කොහෙවත් යන කාඩ පාදඩ කාලකන්නි ටිකක් හදාගත් ගේ විනාශ කලාම එකට රජයෙන් වන්දියක් දෙනවා නම් නොගන්නේ මොකද?
නලින්ද ජයතිස්ස ඇතිතක් කිව්වත් දැන්නම් පිලිගන්න බැහැ ඒ තරමටම පච වලින් නීච වෙලා තියෙන්නෙ
තක්සේරුව දෙන්නේ රජයේ තක්සේරුකරු. එයාම තමයි මහින්දගේ නිල නිවස මාලිමා ආණ්ඩුව යටතේ තක්සේරු කලේ. ගැටළුවක් තියෙනවා නම් තක්සේරුකරුගෙන් ප්‍රශ්න කරන්න. ඒ අතර ගෙවල් ගිනි තියපු ජේවීපි අපරාධකරුවන්ගේ ලැයිස්තුවත් එළියට දාන්න...
අනිවාර්යයෙන් ගිනි තියපු අයගෙන් මේ වන්දි අය කරගත යුතුයි. රජයේ හා පුද්ගලික දේපළ හානිකිරීම නීතිය අනුව සාහසික වරදක්... මේ නිසා සමස්ත ජනතාවගේ මුදල් වැය කිරීම නොකළ යුතුයි...
අරගල සමයේ දේශපාලන පොඩ්ඩෝ ගෙවල් ගිනිතියපු හැටිත් කියන්නකෝ මහත්තයා...
දැන් සුද්දවන්තයන් වශයෙන් පෙනී සිටින්නට උත්සාහ දරන ජේපීවරුන් සහ ඔවුන්ට ලේ නෑකම් ඇති පෙරෙට්ටන් මෙම නින්දිත ක්‍රියාව නොකළේ නම් ජයතිස්ස ඇමැතිට කයිවාරු ගසන්නට කිසිවක් ඉතිරි වන්නේ නැත. එම නිසා පළමුව කළ යුත්තේ ජවිපෙ සහ පෙරටු ගිනි දෙවිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි...
ඕවා සිරස්තල පමනයි. එතැනින් එහාට ඔක්කොම පුස්...
බෝක්කු උඩ හිටපු ඇයො, මෙච්චර වත්කම් රැස් කලේ කොහොමද, ජනාධිපතිතුමා කියපු.කතාව බොරුද?
ඔයාලා ගිනි තියපු දේපළවල හරියට වන්දි ගෙව්වොත් ඇමෙරිකාවේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලිත් මදිවෙනවා. ඔය වැඩේ නොකර හිටියා නම් මොන වන්දියක් වත් ගෙවන්න වුවමනා නෑ.
උඹලා ගිනි තියෙනකොට ඕවාට වන්දි ආණ්ඩුවට ගෙවන්න වෙන බව දැනගෙන හිටියේ නැද්ද?
මෙයා කැබිනට් ප්‍රකාශට වඩා ගැලපෙනවා ලැයිස්තු ප්‍රකාශක තනතුරට ගැලපෙනවා. මොන බම්වුවටද ලැයිස්තු කියවන්නේ..? අවශ්‍ය පමණටත් වඩා බලේ දුන්නා. වැරැදි කළා නම් නීතිමය කටයුතු කරන එකනේ ඇත්තේ. අර මහින්ද රාජපක්ෂ ගෙදරින් එලියට දානවා කියලා පටන් ගත්තු ලැයිස්තු කියවිල්ලේ තවත් කොටසක් මේ. ලැජ්ජයි.. මහන් තත්වෙයි. කියැවිල්ලයි...
ආසියාවේ පළපුරුදු ආශ්චර්යය.
ඔබලාට පුළුවන් ඔච්චර තමයි. කියපු බොරුවල හැටියට ඕවා ඔක්කොම බොරු. වැරැදි නම් අල්ලලා හිරේ දාන්න එපෑයෑ.. කියව කියවා ඉන්නේ...
ගිනිතියපු අයම වන්දි ගනිපු හැටි හෙළිකිරීම හාස්‍ය ජනකයි... අද ඒවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙත් රටේ අහිංසක ජනතාවට...
ඕවා ගිනි තියපු අයගෙන් එයාලා කරගත්තා නම් භාණ්ඩාගාරයේ තියෙන ජනතා බදු මුදල් ඉතුරුයි... නේද නලින්ද උන්නැහේ...?
එහාට මෙහාට ලේකම් ඕපාදූප කිය කියා ඉන්න. රට දියුණු වෙයි.
හා හා, දැන් ටිකෙන් ටික බැක්ෆයර් වේගෙන එනවා නොවේද? ඔය නිවාස ඉබේ ගිනි ගත්තේ නැහැ, කවරෙක් හෝ පාදඩ කාලකන්නි තමයි ගිනි තිව්වේ, 83'මේ වගේ පාදඩ කාලකන්නි හිටිය, 88ත් හිටියා, 2022ත් හිටියා
මොරටුව නගරාදිපති, පුතාල ඈතුලු සෙට් එකේ ගනන් ලිස්ට් එකක් නෑද්ද?
තොපිලා ගෙවල් ගිනි තිබ්බේ නැතිනම්, ඕවා ගෙවන්න වෙන්නේ නෑනේ... අපත ජේවීපී කාරයන්ගේ කුජිත වැඩ!
රටේ ජනතාවගේ බදු මුදල් හොරා කන්නැතිව ලැබුණු වැටුපෙන් ගෙවල් හඳුන්වන් ඔහොම වෙන්නේ නෑනේ. මේ අපි ඉන්නේ අපිට එහෙම ප්‍රශ්නයක් නැහැනේ...
අනුන් හදාපු ගෙවල් ගිනි තියවපු අයයි, ගිනි තියපු අයයි විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව කිට්ටුව තියෙන පොල්දූව හන්දියට ඇවිත් පාර්ලිමේන්තුවට කඩා පනින්න කියලා මහජනයාව කුපිත කරවපු දැන් ඉන්න ඇමැතිලා රොත්තවත් ඔය ලිස්ට්වලට එකතු කරන්න. ටීවී එකේ පෙන්නුවේ දැන් ඉන්න කැබිනට් ඇමැතිලා දෙන්නෙක්ම මිනිස්සුන්ව කුලප්පු කරනවා. එදා ඒවා කරපු නිසා තමයි පස්සේ හොරු වුණත් නැතත් දේපල හානි වුණු අයට වන්දි ගන්න පුලුවන් වුනේ. ඉතුරු ටිකට කියන්න අර කුමාර වෙල්ගම ආන්ඩුවේ හිටියේවත් නැති මිනිහාට ගහලා මැරෙන්න දාලා හිටි හැටිත්. ඒ මනුස්සයා ඔච්චර ඉක්මනට මැරෙන්නේ නෑ එදා මැරයෝ (අද වීරයෝ) ඒ කරපු දේ නොවෙන්න. ඊට අමතරව මන්ත්‍රී කෙනෙක්වයි පොලිස් නිලධාරියෙක්වයි අමු අමුවේ පාරේ මැරුවා. ඒවාටත් වන්දි දෙන්න ඇති නේද? ඔය ඔක්කෝම වන්දි ඒවා කරවන්න යොමු කරපු දේශපාලන සගයින්ගෙන් ගන්න. 1987-89 කරෙත් ඕවාමනේ. ඒ කාලේ අපි පවු කිව්වාට දැන් මේ අය බලයට ඇවිත් කරන දේ දැක්කම තමයි තේරෙන්නේ මොනතරම් එපා කරපු අයටද අපි ඡන්දය දීලා තියෙන්නේ කියලා. ඕවා මතක් කරලා දුන්නාට බොහෝම ස්තූතියි..!
මේකේ හෑලිලියන වහල්ලු ඉන්නකන් රට ගොඩගන්නවා බොරු. මේවා පරීක්ෂණ කරලා වැරැදි කරපු අයට නිසි දඬුවම් දීලා පෙන්නන්න ඇමැතිතුමා.
විනාශ වුණ දේපල වලට වන්දි ගෙවනකොට දූෂණ, වංචා සිදුවෙන්න ඇති, නමුත් ඔබලාගේ වගකීම ඔය දූෂණ සොයා ගත්තා නම් මේවා අනුමත කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට අර අධිකරණයට ඉදිරිපත් කොට, වන්දි ලබාගත් අයගෙන් එම මුදල් පොලිය සමග නැවත අය කරගන්න එක..., ඔය මුකුත් නොකර කියව කියවා ඒක අනුමත කළ නොහැකිය..
සහෝදරය ඉස්සර වගේ ඕවා කියනකොට මිනිස්සු අත්පුඩි ගහලා නිකන් ඉන්නේ නැහැ. දැන් ඔවුන් ඔබලාට ඇඟිල්ල දිගු කරනවා... පාර්ලිමේන්තුවේ 2/3 ට වැඩි බලයක් සහ විධායක ජනපති කෙනෙක් ඉඳලත් ඔබලා මෙම වංචා, දූෂණවලට විරුද්ධව ගන්නා පියවර කුමක්ද කියලා අහලා...
අරගලයට සල්ලි දුන්නු NGO ලත් සල්ලි ගත්තු දේශෙප්‍ර්මීනුත් සොයා නම් සඳහන් කරන්න.
මොහු මාස කීපයකට පෙර ප්‍රකාශ කලා පසුගිය රජයේ හිටපු මැති ඇමතීන් සහ වෙනත් කීප දෙනෙකු ජනපති අර මුදලින් ලබා ගත් ආදාර පිලිබද විස්තර.එසේ ප්‍රකාශ කරන්නට පෙර සියලු විමර්ශන කරන්න ඇත් කියා සිතමි.වග කිවයුතු ඇමති වරයෙක් ප්‍රකාශ කරනුයේ සත්‍ය විස්තර බව ජනතාවගේ විශ්වාශය වේ.. මෙම තොරතුරුවල වැඩි විස්තර දැන ගැනීම සදහා තොරතුරු පනත යටතේ ජනපති කාර්‍යාලයෙන් ඉල්ලීමක් කලෙමි. එයට ලැබුන් පිලිතුර වූයේ තවම විමර්ශන අවසන්ව නැති බැවින් තොරතුරු ලබා දිය නොහැකි බවය. මෙම පරකාශය කරන්නේ විමර්ශන අවසන් වීමෙන් පසුවද කියා ගරු ඇමති තුමාගෙන් විමසනු කැමැත්තෙමි..