IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මෙම ගණිකා මධ්‍යස්ථානයෙන් කාන්තාවන් සිව්  දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කාන්තාවකට  ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පොලිසිය කියයි.

ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බවට සැකපිට අරගල ක්‍රියාකාරිකයා ඇතුළු පුද්ගලයන් හත් දෙනකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබූවේ අඟුරුවාතොට රෙමුණ වැව අසලදී ය.

කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අරගල ක්‍රියාකාරිකයකු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාවාරම මෙහෙයවන ලද අරගල ක්‍රියාකාරී සාමාජිකයා මීට මාස තුනකට පමණ ඉහත දී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියානේ සිල්ලර වෙළඳසැලක් හිමි ව්‍යාපාරිකයා වෙළඳසැල වසා නිවස කරා යාමට බස් නැවතුමේ සිටියදී ඔවුන් සන්තකයේ තිබූ මුදල් බෑගය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙක් බවත් පොලිසිය කියයි.

 



අදහස් (12)

අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක්

කිරිපුතා Thursday, 22 June 2023 09:38 AM

අරගලය පටන්ගත්තේ සාමාන්‍ය ජනතාව පීඩනය නිසා විය හැකියි. නමුත් පසුව එය කොටින්ගේ , NGO කාරයින්ගේ, දේශපාලන පක්ෂ වල ගණිකා ව්‍යාපාරයක් වුනා. බටහිර බලවේග ඒ පිටුපස

:       45       47

V. Prasantha Thursday, 22 June 2023 09:57 AM

අරගලේ හැම තරාතිරමකම මිනිස්සු හිටියා. මේව ඉස්මතුකරන්නේ යටි අරමුනු වෙනුවෙන් වෙන්න පුලුවන්.

:       25       78

senaThursday, 22 June 2023 11:20 AM

අනේ ඔව්.මේ සමාජයේ ඉන්න හැමෝම අරගලයේ හිටියා පොහොට්ටුවොත් ඇතුළුව .නමුත් ප්‍රතිශක්තියක් හැටියට බැලුවොත් පාර්ලිමේන්තුවේ ඉන්න ජරා යක්කුන්ගේ ප්‍රතිශක්තිය අරගලේ හිටපු ජරා යක්කුන්ගේ ප්‍රතිශක්තියට වඩා හුඟක් වැඩියි

:       10       35

anuranga Thursday, 22 June 2023 10:57 AM

ඇඟ විකුණන එක හොදයි, රට විකුණනවට වැඩිය

:       13       47

අමර Thursday, 22 June 2023 11:43 AM

අරගලයට සාමාජික කාඩ්පතේ අංකය ලබා දියව්

:       5       26

පිටිගල මිලානෝ Thursday, 22 June 2023 11:48 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හොරු මිනී මරුවෝ ගැන ලියන්න ගියොත් පත්තරේ පිටුත් මදිවෙයි. ලංකාදීපේ අරගලේට විරුද්ධද?

:       9       42

M. Gunawardana Thursday, 22 June 2023 12:03 PM

බඩ ගින්නට එරෙහිව, ජීවත් වීමට‍ ඇති පීඩනය දරා ගත නොහැකිව ඊට එරෙහිව නැගී සිටි හැම කෙනෙක්ම අරගලකරුවකු තමයි. ඒකට දොස්තරද, ඉන්ජිනේරුවද, කම්කරුවද, ගණිකා මඩම් කාරයෙක්ද, පිට්පොකට් කාරයෙක්ද කියන කාරණේ අදාළ නෑ.

:       7       30

Ruwan R Thursday, 22 June 2023 12:06 PM

නිව්ස් ඒක කවුරු හරි කියපු හින්දා ද‍ාපු ඒකක් වගෙයි. අරගලයයි මේ සිද්දියයි ඒකක් කරන්න ලොකු මහන්සියක් ගන්නවා.

:       11       37

C.K.Lankaputhra Thursday, 22 June 2023 06:13 PM

අරගල ක්‍රියාකාරිකයා, අරගල ක්‍රියාකාරිකයා, අරගල ක්‍රියාකාරිකයා , අරගල ක්‍රියාකාරිකයා, අරගල ක්‍රියාකාරිකයා ............එක්වනුවත්, දෙවනුවත් තුන්වෙනුවත් අරගල ක්‍රියාකාරිකයා. .

:       0       0

SUNIL MILANO Thursday, 22 June 2023 07:07 PM

කොහොමටත් අරගලයේ සිටිය 99% ක්ම සමාජ රෝගියෝ තමයි .කල කී දෙයින් එය සක්සුදක් සේ පැහැදිලි උනා

:       0       0

Shashika519 Thursday, 22 June 2023 08:09 PM

මේ මාධ්‍ය මහත්හොරු දෙන්නගෙ අම්මලත් අරගලයේ කුඩාරමක සුද්දො වගයක් එක්ක හිටියා මතකයි මට..

:       0       0

ලසා Thursday, 22 June 2023 10:13 PM

අරගලකාරයෝ විතරද ගණිකා මඩම් දාගෙන ඉන්නේ? ඇයි බලපුලුවන්කාර දේශපාලන සම්බන්ධතා තියෙන එවුන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site