IMG-LOGO

අරගල භූමියෙන් ඇහිලූ බව කියන උණ්ඩ සමග අයෙක් සැකපිට

(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව පවසමින් ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් පානදුර උතුර පොලිසියට බාරදීමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , ගොරකාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු උණ්ඩ සහිත මැගසීනය රැගෙන පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මැගසීනය ගෝල්ෆේස් අරගල භූමියේ රාජකාරි නියුතුව සිටි ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවියකට අයත් එකක් බවට අනුමාන කරන බවත්, අරගල භූමියේ වැටී තිබී හමුවූ බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් සදහන් වේ.

කෙසේවුවද සැකකරුට එම උණ්ඩ සහිත මැගසීනය ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

 



අදහස් (3)

අරගල භූමියෙන් ඇහිලූ බව කියන උණ්ඩ සමග අයෙක් සැකපිට

Athula Tuesday, 06 September 2022 12:19 AM

මේ එන්නේ මහා කුමන්ත්‍රණයකට.. මේක වහාම ලෝකෙට හෙළි කළ යුතුයි. මේවගේ දේවල් කරලා රාජපක්ෂට හා රනිල්ට හොඳට පුරුදුයි.. දැන් දන්නවා ජනතාව පාරට බහින එක... සක්කරයාටවත් නවත්තන්න බැරි බව දන්නවා. මේ හදන්නේ ඒවා එන්න කලින් මර්දනය කරන්න. මේකට ඉඩදෙන්න බැහැ.

:       0       0

Perera Tuesday, 06 September 2022 01:51 AM

මට පෙනෙන විදිහට මෙතන වෙන කතන්දරයක් තියෙනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 06 September 2022 08:24 AM

මේවා පරසිද්ද කලාම බුදුපිලිමෙයි පොත්ටිකයි බාර දෙන්න අර ගොයියා භය වීම පුදුම නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site