
(සුජිත් හේවාජුලිගේ)
අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කුඩු ගංජා අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් දේශපාලඥයන්ද සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය පහත් ආකාරයෙන් යොදාගත් බව ප්‍රකාශ කළේය.
අද අරගලකරුවන් සත්‍ය පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අරගලය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවන බවත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කිවේය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමකදීය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අරගල කළේ ’’අයිස් කාරයන්’’
sharm warn Monday, 19 December 2022 12:50 PM
මෙන්න මෙයාට ආයෙමත් පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ කියලා තේරිලා මරු කියවනවා.
""පවුඩර්-Money"" Monday, 19 December 2022 12:59 PM
අරගල කළේ ’’අයිස් කාරයන්’’... ගෙන්වන්නේ " විසේ කාරයන් "... හා නැද්ද මං කියන්නේ..!
Pankumburage Monday, 19 December 2022 01:03 PM
අරගල කාරයින්ට පහර දුන්නේ ලැජ්ජ නැති කප්පම් කාරයින්...
ranjith Monday, 19 December 2022 01:04 PM
අයිස් කාරයින්, කප්පම් කාරයින් තමයි මේ රටේ අපරාධ කාරයින්...
sena Monday, 19 December 2022 01:48 PM
මේ මනුස්සයාට හොඳටම පිස්සු...!
pal horu Monday, 19 December 2022 01:51 PM
රට පාලනය කළේ කපටි සොරමුලක් සහ ඔවුන්ගේ සහචරයන් නිසා ඔවුන්ට අයිස් හැර වෙන විකල්පයක් නොතිබුණි.
janahitha Monday, 19 December 2022 01:52 PM
ගෙන්වන්නේ රට පාලනය කළ කොල්ලකරුවන් සහ සොරුන්...
kade yana janahitha Monday, 19 December 2022 01:54 PM
අහිංසක මිනිසුන්ගේ ගෙවල්? පල් හොරුන්ගේ මාලිගා ජනතාව ගිනි තැබුවා වෙන්න බැරිද?
dakin no Monday, 19 December 2022 01:54 PM
නොදකින් හොරු...
fairoos Monday, 19 December 2022 01:58 PM
කප්පම් නඩුවෙන් ළඟදීම නිදහස් වෙයි වගේ... මේ කාලකණ්ණි එකතුවෙලා රට කෑවා.
siri Monday, 19 December 2022 01:58 PM
බඩගෝස්තර දේශපාලකයෝ, පවුලේ සහෝදරයෝ එක එක පක්ෂවලට බෙදිලා ජනතාව ගොනාට අන්දනවා.
Dharmatileke Monday, 19 December 2022 02:00 PM
අයිස් ගහනවා කියන්නේ, වැඩේ කරන්නේ නැති අයට..., මේ හාදයා අංක එකේ...
Buddika Monday, 19 December 2022 02:25 PM
හැබෑවටම එහෙමද? ඒ වුණාට කප්පම්කරුවන් නම් තගදාලා කප්පම් ගන්නේ..
Laankikakaya Monday, 19 December 2022 02:34 PM
අර කිව්වත් වගේ මෙයාගේ ඇඟේ තරමට මොලේ තිබ්බා නම් කියලා හිතෙනවා. රටේ වගකිව යුතු ඇමැති කෙනෙක්නේ. ඉතින් අල්ලපල්ලකෝ අයිස් ගේන අයව. අපිද ඒක අල්ලගන්න ඕනේ..?
ganegoda Monday, 19 December 2022 03:01 PM
අයිස්කාරයින්, කුඩුකාරයින්... අරගලවලට සහභාගි වෙන්නේ නැහැ...! මේක මේ ජනතාව නොමග යවන්න කරන බොරු ප්‍රචාර... දැන් මේ ආණ්ඩුව විවේචනය කරන හැම කෙනෙක්ම අයිස්කාරයෙක් ...! දැන් තේරුණාද සෙල්ලම..?
Aruna Monday, 19 December 2022 03:55 PM
ගෙදර යන්න කප්පන් තයිඩිය . මේ හොරා අයිස් විකුණන්න ඇති