IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අරගලයේ සංවිධායකයෙක් ගණිකා නිවාසයක් මෙහෙයවලා

(ඉන්දිකා  රාමනායක)

තරුණියන් ඉහළ  ගණන්වලට අලෙවි  කරන  ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල  සංවිධායකවරයෙකු   ඇතුළු 7  දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන්  අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත්  කුලී රථයකින්  ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ද වන බව පොලිසිය පවසයි .

ප්‍රධාන සැකකරු අරගලයේ  මුල්පෙළ   සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මොවුන් මෙම ජංගම ගණිකා  ජාවාරම පවත්වාගෙන යන බවත්, පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා රුපියල්  55,000 ක මුදලකට කාන්තාවක් ඇණවුම් කළ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකින් කාන්තාවන් සිව් දෙනෙකු රැගෙනවිත් ඇති විත් ඇති අතර එහිදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු කලක පටන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත

 



අදහස් (14)

අරගලයේ සංවිධායකයෙක් ගණිකා නිවාසයක් මෙහෙයවලා

Shashika519 Monday, 22 May 2023 11:19 AM

රනිල්ගෙ ගෑණිට බබෙක් ලැබුනත් වග කියන්න ඕනි අරගලයේ හිටපු එවුන්...

:       20       41

silvaMonday, 22 May 2023 12:00 PM

මුන්දැගෙ ගෑණිට ලමයෙක් හම්බඋනොත් නම් වගකියන්න ඕන අනිවාර්යයයෙන් අරගල කරුවො.

:       13       27

පිටිගල මිලානෝ Monday, 22 May 2023 12:22 PM

අරගලයේ හිටියේ ලංකාවේ සාමාන්‍ය පුරවැසියෝ මිසක් මාර්ග ඵල ලබපු අය නෙවෙයි.

:       14       23

fairoos Monday, 22 May 2023 12:45 PM

අරගලය නැතිනම් අද ලංකාව කියන රටත් නැහැ. පිනාට හෙණ වදින දවස වැඩි ඈතක නැහැ.

:       11       22

Vira Monday, 22 May 2023 12:46 PM

අරගල කළා කියලා නෑ. පෝරත් හම්බ කරන්න එපැයි. මොකෝ රනිල් දෙනවද?

:       4       12

Kumara Monday, 22 May 2023 01:12 PM

“කප්පම් ඉල්ලූ ඇමති“ ලෙස යොදාගන්නේ නැත්තේ ඇයි?

:       3       9

Loku Malli Monday, 22 May 2023 01:15 PM

මේ වගේම කුඩු ගැන පාර්ලිමේන්තුවේ ඉන්න අය අල්ලලා ප්‍රසිද්ධ කරපල්ලා.

:       2       13

sena Monday, 22 May 2023 01:41 PM

මේ වගේ අය තමයි.., අනාථවෙලා හිටපු රනිල් ලොක්කට බලයට එන්න පාර කැපුවේ...

:       2       10

ලුම්බිණි Monday, 22 May 2023 02:14 PM

මොන වැරැද්ද කළත් ඒකට අරගලය සම්බන්ධ කරන තත්වයක් දැන් ඇවිල්ලා තියෙන්නේ...

:       7       9

sweneMonday, 22 May 2023 03:05 PM

පාර්ලිමේන්තුවේ, ඇමැති මණ්ඩලයේ ඉන්න අයගේ කැරැට්ටුවත් ප්‍රසිද්ධ කරන්න මාධ්‍යයට හැකිවේවා...!

:       1       8

Kazi Shajahan Monday, 22 May 2023 02:36 PM

ඔව් වෙන්න පුළුවන්... අරගලය ඇතුලේ හිටිය රන්මාල කඩන හොරු, කසිප්පු කාරයෝ, තැබෑරුම් කාරයෝ, කොමිස් කාරයෝ, පස්හොරු, ඉඩම් හොරු, සල්ලි හොරු.. ඒ වගේම ඉතා හොඳ මිනිස්සු...

:       0       14

ගමේ එකාලා Monday, 22 May 2023 05:09 PM

දැන් හැමදේකටම අරගලය අල්ල ගනිල්ලා? ඊටත් වඩා හපන් එවුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ? මිනිමරුවෝ, පාතාල කාරයෝ, ස්ත්‍රී දූෂකයින් මැරයින්, කුඩු ජාවාරම් කාරයින්...?

:       1       4

සෙනෙවිරත්න Monday, 22 May 2023 07:38 PM

අරගලේ නැත්නම් තාමත් කාඩ්බොඩ් වීරයින් සහ පවුලේ නාඩගම් බලබල ඉන්න තිබුණා. අඩුම ගානේ ඒ ටිකවත් නැති වුණු එක ලොකු දෙයක්....!

:       1       3

සෙනෙවිරත්න Monday, 22 May 2023 07:42 PM

අරගලය කලේ රටේ සාමාන්‍ය ජනතාව, ඒකට කැඳෙව්වේ චරිත සහතික බලලා නෙවෙයි. එහෙම චරිත සහතික බලලා ඡන්දය පාවිච්චි කළ ජනතාවක් හිටියා නම් අරගල අවශ්‍ය නැහැ. කප්පම් නඩුවක අත්හිටවූ දඬුවම් ලද අයෙක් ආණ්ඩු පක්ෂ සංවිධායක වෙලා ඉන්න රටක මේ කොහේවත් නැති අරගල කාරයෙක්ගේ චරිතේ හොයනවා. අරගලයට ලක්ෂ ගණනිං එකතු වුණු බව අමතකද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site