(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්‍ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පැවැති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම අරගලය ශ්‍රී ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මෙන්ම සාර්ථක අරගලය බවට පත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩු කීපයක් ද දින 100 තුළ ඉවත් වූහ.
මෙම දින 100 අතරතුරදී අරගලකරුවෝ කොටුව ජනාධිපති මන්දියර, ජනාධිපති ලේකම් කාර්යාලය, කොල්ලුපිය අරලිගහ මන්දිරය සහ අගමැති කාර්යාලය අල්ලා ගැනීමට සමත් වූහ. අරගලයට මාසයක් සම්පූර්ණ වූ පසුගිය මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එදින රට පුරා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී කෝපවූ පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරු ඇතුළු දේශපලඥායන් 100 කට අධික පිරිසකගේ රට පුරා නිවාස ඇතුළු දේපලවලට හානි කළහ.
(ඡායාරූප: හාන්ත රත්නායක)
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අරගලයට දින 100 යි:පාඨය වෙනස් වෙයි
මැක්ස් Sunday, 17 July 2022 04:52 PM
රනිල් මැතිඳුන් ජනපති කරවීම වෙනුවෙන් කළ අරගලය යනුවෙන් එතුමන්ලාගේ සටන නාමකරණය විය යුතුයි. ගෝඨා වගේ නලව නලවා ඉන්නේ නැතුව රනිල් එක සද්දයයි දැම්මේ.. අරගලයින් මීයට පිම්බාක් මෙන් දැන්...!
විපරමා Sunday, 17 July 2022 05:07 PM
මේ දක්වා අරගලයේ නියැලුණු සියලුම දෙනාට, ඒ වෙනුවෙන් කැපවූ අයට ප්‍රණාමය පුදකරනවා. තුවාල ලබා රෝහල් ගත වූවන්ට ඉක්මන් සුවය ලැබේවා!..
ab Sunday, 17 July 2022 06:48 PM
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තනතුරින් ඉල්ලා අස්වී ඇත. රටින් පිටව ගොස් තිබේ.. ගෝ හෝම් ගෝඨා නොව කම් හෝම් ගෝඨා කියා වෙනස් වුවහොත් සාමකාමී අරගල කරුවන්ගේ ජයග්‍රහණයට වටිනා කමක් ලැබේ.
ganegoda Sunday, 17 July 2022 07:54 PM
රාජපක්ෂලාගේ පවුල්වාදය භංගවේවා.. අරගලයට ජයවේවා...!
ගමේ එකාලා Sunday, 17 July 2022 10:53 PM
දූෂිත පවුල් පාලකයෝ එළවා දැමීම ලොකුම ජයග්‍රහණයක් ?
Deepal Nirosh Monday, 18 July 2022 09:28 AM
අද (18) හදිසි නීතිය පැනෙව්වා. අනිද්දා නව ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තේරෙනවා. කඩුව ඔහු අතට ලැබෙනවා. 21 වෙනිදා වෙනකොට මේ නිර්පාක්ෂික, වෘත්තිය, මහ මොළකරු සෙවීමේ අරගල සියල්ල නිමයි. මානව හිමිකම්, නීති ආධාරකරුවන් සියල් නිහඬ වෙනවා. දින තුනක් ඉවසමු.
hemantha kumara Tuesday, 19 July 2022 07:09 AM
වර්තමාන පාලකයා ගෙදර යවනකම් අපි සටනේ.
sharm warn Wednesday, 20 July 2022 10:15 AM
ගෝ හෝම් රනිල් කියන්න කාලෙ ඇවිල්ල.