(නිමල කොඩිතුවක්කු)
ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස් වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
"මේ රටේ දේශපාලනය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට යොමුකරන ලද ගාලු මුවදොර අරගල ප්‍රජාව ඉලක්ක කරගෙන ආරක්ෂක හමුදා යොදවා එල්ල කරන ලද ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන හා අපේක්ෂා කරන සෑම පාර්ශවයක් විසින්ම තරයේ හෙලාදැකිය යුතුය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද එකී ක්‍රියාව තරයේම හෙලාදකින්නෙමු.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ වෙනස් මත දැරීමට හා තම අදහස් පලකිරීමට මෙන්ම සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ඉහළින්ම ආරක්ෂා විය යුතුය. කිසිදු සමාජ තීරුවකට පොදු සමාජයේ අභිලාශයන්ගෙන් බැහැරව හුදකලා අරගලයන්හි නිරත විය නොහැකි බවද අප සියල්ලන්ම පිළිගත යුතුය. ගාලු මුවදොර අරගලය ඉතාමත් සක්‍රීය තලයක පැවැතියේ එම හේතුව නිසාය. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ අසීමිත බලයක් දරමින් සිටි පාලකයෙකුට පවා ප්‍රථම වරට රට අතහැර පලායන පසුබිමක් නිර්මාණය වූවේද එකී අරගලය හා ජනතා අභිලාශයන් සමපාත වූ නිසා බවද මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුව තිබේ.
අපට වාර්තාගත වන ආකාරයට අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති කාර්‍යාලයෙන් අද දින නික්ම යාමට ඔවුන්ගේ සූදානමක් තිබී ඇත. එසේ නම් එය ඔවුන් ගත් ඉතාමත් බුද්ධිමත් හා නිවැරදි තීරණයක් ලෙස සැලකිය හැකිය. එවන් පරිසරයක් තුළ සිදුකරන ලද මෙම අමානුශික ප්‍රහාරය යුක්ති සහගත කිරීමට කිසිදු පාර්ශවයකට හෝ හැකියාවක් තිබිය නොහැකිය.
මෙම සිදුවීමෙන්ද පෙනී යන්නේ ශිෂ්ට සම්පන්න ආකාරයට අර්බුද හා මතබේද නිරාකරනය කරගැනීමට අප රටේ දේශපාලන සමාජය දක්වන අකමැත්ත හෝ නොහැකියාවයි. මෙම සංස්කෘතිය රටින් තුරන් කිරීම සමස්ථ සමාජයේම වගකීමක් වන අතර ඒ සදහා අන් සියල්ලන්ට පෙර පෙරමුණ ගත යුත්තේ රටේ දේශපාලන බල අධිකාරියයි.
එබැවින් අප මේ රටේ සමස්ථ සමාජයෙන්ම ඉතාමත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී ඇති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීම සදහා අන් සියල්ලටම පෙර සියළු ජන කොටස් අධිශ්ඨානශීලීව පෙරට එමින් මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙසය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘‘අරගලයට එල්ල කළ මිලිටරි ප්‍රහාරය හෙළා දකිනවා‘‘
කිරි පුතා Friday, 22 July 2022 05:34 PM
මේ තොත්ත බබා තමන් බලේ නැත්නම් සියල්ල හෙලා දකිනවනෙ.
කරුව Friday, 22 July 2022 06:07 PM
එතකොට ඔයා ලොකු පුටුවක එදා ඉඳගෙන ඉන්නකොට පාස්කු ප්‍රහාරය ගැන ඔය විදිය හෙළා දකිනවා කීවේ නැහැ නේද?
Lelwala Friday, 22 July 2022 09:12 PM
කොණ්ඩකාරයෝ, කරාබුකාරයෝ, තට්ටයෝ, කුඩුකාරයෝ ගෙදර ගෙනිහිල්ලා. කන්න දිලා තියාගන්න...
chandima Friday, 22 July 2022 11:17 PM
ජෙ ආර් මාමත් වයසට යද්දි කරන කියන දේ මොකක්ද දන්නෙ නති විදියට වද කලා. මෙයත් එ වාගෙ නේද?