(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙළී ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් අධිකරණයට ගෙවන ලෙසට අද (14) නියෝග කළේය.
නිතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඊට අදාළ නඩු ගාස්තු අධිකරණයට ගෙවීමට එලෙස නියම කළේය.
පෙත්සම එස්. තුරෙයිරාජා, බුවනෙක අලුවිහාරේ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මූලික අයිතිවාසිකම් අද (14) කැදැවිණී.
නිතීඥ ලක්ශාන් ඩයස් මහතා මගින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නිතිපතිවරයා ඇතුලු පිරිසකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පෙත්සම්කාරිය කරුණු වසන්කර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බවත් නිතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණීෂ්කා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලයට එකතුවූ බ්‍රිතාන්‍ය තරුණියට නඩු ගාස්තු ගෙවන්න නියෝග