IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අරක්කු පැක්ටරිකාරයෝ හොරෙන් තබෑරුම් ඇරලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් ( තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මොවුන් මෙම තැබෑරුම් පවත්වාගෙන යන්නේ වෙනත් වෙනත් නම් යොදා ගනිමින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙවැනි කටයුතු කරන මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් ගැන තොරතුරු සොයා බලා ගෙන යන බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරුවූ පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර සැක සහිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය දිනවල අත්අඩංගුට ගනු ලැබූ බවද සියඹලාපිටිය මහතා කීවේය.

 



අදහස් (5)

අරක්කු පැක්ටරිකාරයෝ හොරෙන් තබෑරුම් ඇරලා

sam Saturday, 09 September 2023 10:11 PM

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා, සිටි පක්ෂ, විපක්ෂ දේශපාලකයන් විසින් රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන මත්පැන් අලෙවිසල් පිළිබඳව සොයාබලා දේශපාලකයින් විසින් ලංකාවේ පවත්වාගෙන යන්නා වූ මත්පැන් අලෙවිසල් පිළිබඳ තොරතුරු දේශපාලකයින්ගේ නාම ලේඛනය සහිතව සහ ඔහුට කොපමණ මත්පැන් අලෙවිසල් අයත්ද යන්න රටට හෙළිකිරීමට පූජ්‍ය පක්ෂය ඉදිරිපත් විය යුතුවේ. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සොයාබලා මේ පිළිබඳව රටට හෙළි කරන්න... ඉදිරි පාර්ලිමේන්තුවකට මත්පැන් අලෙවිසල් සම්බන්ධ කිසිඳු දේශපාලකයකු පත්කර නොගැනීමට ද කටයුතු කළයුතුවේ.

:       0       0

Perakum Sunday, 10 September 2023 06:15 AM

ඔය කියන දැඩි නීතිමය පියවර කිසිදා සිදුනොවන්නක් බව අපි හොදින් දනිමු. මේ වන විටත් අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති මොවුන්ට නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් මිලට ගැනීම ඉතා සුලු කජ්ජකි…!

:       0       0

sam Sunday, 10 September 2023 06:50 AM

අනිවාර්යයෙන්ම කපුටු ජොනියා මේකේ මහ මොළකාරයා වෙන්න ඇති

:       0       0

sumanasiri Sunday, 10 September 2023 07:57 AM

හොර දුෂිතයින් රටේ පාලකයන් වූ කල මේවා පුදුම විය යුතු නැහැ ,ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සමහර උනුත් යටින් හවුල් ඇති අනිවාර්යෙන්

:       0       0

de silva Sunday, 10 September 2023 10:29 AM

ආණ්ඩුව නොසෑහෙන ලෙස බදු ගැහුවා .බද්ද සුරාබදු නිලධාරියෝ ,නිෂ්පාදකයෝ සහ තැබෑරුම් කාරයෝ එකතුවෙලා හොරකම් කළා,පාරිභෝගිකයාට සහ ආණ්ඩුවට හුලන්,ඔය බද්ද බෝතලයකට රුපියල් 200-300 අතර මිලක් අඩු කරන්න. එවිට පාරිභෝගිකයාට හෝ යහපතක් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site