IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අරක්කු කොම්පැණි පහක බලපත්‍ර නවත්වයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක  බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසන්නේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මත්පැන් නිෂ්පාදන ආයතන පහක මත්පැන් නිෂ්පාදනය මෙසේ නැවතුණද  තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින්  වෙළෙඳපොළේ  මත්පැන් හිඟයක් ඇති නොවන බවද  ඔහු කීවේය.

 

 



අදහස් (9)

අරක්කු කොම්පැණි පහක බලපත්‍ර නවත්වයි

නිශාන්ත Thursday, 02 November 2023 01:34 PM

සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්...!

:       1       10

ranjith Thursday, 02 November 2023 01:55 PM

රටේ අහිංසක මිනිස්සු සූරාකන මේ වගේ අධම මිනිස්සු බදු ගෙවන්නෙත් නැහැ... පව්කාරයෝ...!

:       1       18

de silva Thursday, 02 November 2023 02:17 PM

ඔය සමාගම්වල නම් දැන්වත් ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? බදු නොගෙවන සමාගම්වල මත්පැන් මිලදී ගැනීමෙන් වළකින්න අපට අයිතියක් තිබෙනවා.

:       0       34

Pinjana Thursday, 02 November 2023 02:44 PM

මේවා අතර ජොනියගේ වයඹ ඩිස්ටිලරීස්, ඇලෝසියස් ගේ මෙන්ඩිස්, ග්ලෝබල් ඩිස්ටිලරීස් ඉතිරි 2 මොනවාද? පොඩි අය වැරැද්දක් කළාම හතර වරිගේ හොයන මාධ්‍යකරුවන් මේවාට සද්ද නැතිව වහගෙන ඉන්නවා. තව එකක් ඇයි ඔවුන්ගෙන් නඩු දාලා බදු අයකරගන්නේ නැත්තේ...!

:       3       27

sb Thursday, 02 November 2023 04:18 PM

කඩෙන් පාන් ගෙඩියක් හොරා කාපු, මහපාරෙ හිගා කාලා මාලිගා හදපු, මාල කඩපු, කුඩු ගහන සහ විකුනන හාල්මැස්සන්ගෙ, හොරෙන් කසිප්පු පෙරපු, සූදු ගහන උන්ගෙ හත්මුතු පැටිකිරියම පල කරන මාධ්‍ය මිතුරණි, කෝ ඔබේ හර්ද සාක්ෂිය, කො ඔබේ බලගතු පෑන් තුඩ........ (me comment eka palakaranna tharam wath kondak nethi bawa nam danimi!)

:       0       0

Bamunuarachchi Thursday, 02 November 2023 06:33 PM

මොන විකාරද? ඔය සමාගම් නිෂ්පාදන නවත් වන්නේ නැහැ. ඔවුන් බිස්නස් එක කරගෙන යනවා. එතකොට ඔය සමාගම් වල නිපදවන මත්පැන් කසිප්පු වෙනවා නේද?

:       0       0

Shashika519 Thursday, 02 November 2023 07:02 PM

නම වෙනස් කරලා බෝඩ් එක මාරු කරලා අලුත් බලපත්‍රයක් ගත්තාම හරි...

:       0       0

de silva Friday, 03 November 2023 12:23 AM

මේවා අයකරගන්නේ නැතිව සීනි බදු, වැට් බදු ඉහළ දමනවා. බදු ගෙවන්නේ නැතිනම් මෙම අරක්කු කම්පැණි අර ගෝඨාගෙ ගෙදර වටකළා වගේ වට කරන්න...

:       0       1

Bamunuarachchi Saturday, 04 November 2023 04:55 PM

ඔය සමාගම්ම ඈවර කර නැවත වෙනත් නම් වලින් එළියට ඒවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site