(සුජිත් හේවාජුලිගේ )
මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසයි.
එම කාරක සභාව මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත
මෙහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි.
තවත් සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව එම ප්‍රධානීන් කෝපා කමිටුව වැඩිදුරටත් දැනුම්දී ඇත.
මෙලෙස අය විය යුතු හිඟ මුදල් අතුරින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ප්‍රමාද ගාස්තු බව කෝප් කමිටු නිලධාරීහු පැවසූහ.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකරන ග්‍රහණ සංඛ්‍යාව නිලධාරී හිඟකම නිසා විශාල වශයෙන් අඩුවී ඇතැයි කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ දී ප්‍රධාන ග්‍රහණ 53,848 ක් සිදු කර ඇති අතර 2020 වර්ෂය වනවිට එම ග්‍රහණ සංඛ්‍යාව 39848 ක් දක්වා ක්‍රමානුකූලව අඩුවී තිබූ බව කමිටුව සඳහන් කරයි.
මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි වාර්තාවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අරක්කු කොම්පැණි පහකින් ’’සුරාවට’’ කෝටි 205ක පොල්ලක්
Chinthaka Saturday, 28 May 2022 12:56 PM
ඇමැතිලා පැහැර හැරිය විදුලි බිල්, ජල බිල්, බැංකුවට තිබ්බ පොලු, මෙන්ඩිස් සමාගම, කෝටි ගණනක බෙහෙත් හොරකම්,... මේවා යලි අයකර ගත්තොත් මේ රට ටිකක් හරි ඔලුව උස්සන්න තිබුණා..
de silva Saturday, 28 May 2022 01:09 PM
බදු ගෙවන්නේ නැතිනම් සති 2කින් කර්මාන්ත ශාලා වසා දමලා සීල් තබන බවට නෝටිස් එකක් යවන්න. නිකන්ම බඩු ටික ගෙවාවි.. බාර්වලින් මිනිස්සුන්ට ණයට අරක්කු දෙන්නේ නැහැ.
පැරකුම්Sunday, 29 May 2022 06:11 AM
ගජ මිතුරන්ට එහෙම කරලා කොහොමද…?
Lalith Saturday, 28 May 2022 02:52 PM
වයඹ, හිඟුරාණ එහෙම නැතුව ඇති...
LallaSunday, 29 May 2022 06:34 AM
වයඹට, හිඟුරානට කැමැති අය, උනන්දු අය ඉන්න බව පේනවා...
de silva Saturday, 28 May 2022 08:49 PM
බදු නොගෙවපු අරක්කු කම්පැණිවල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන්න. නිලධාරීන්ට බදු අයකරගන්න බැරිනම් ජනතාව ඇවිත් ඒවා වට කරාවි...