IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අය වැය රහසක් වජිරගෙන් එළියට

(අංජුල මහික වීරරත්න)

දුප්පත් ජනතාව නඟා සිටුවීමට ප්‍රමුඛත්වය දෙන අතර බදු සංශෝධන සහිත ජනතාව සංවර්ධනය කරන අයවැයක් ජනාධිපති මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

ප්‍රතිසංශෝධන අය වැයක් ලෙස මෙම අයවැය ඉදිරිපත් කරන්නේ පාරවල්, ගොඩනැගිලි හදන්නට නොව කන්න අඳින්න නැති ජනතාවට බත් කටක්,වස්තරයක් ගන්න ක්‍රමයක් හැදීමට බවද අබෙිවර්ධන මහතා කීය. 

මන්දපෝෂණයෙන් පෙළෙන දරු පරම්පරාවක් බිහි වෙමින් තිබෙන අතර ඒ ගැටලුවලට විසදුමක් ලෙස ජනාධිපති බදු සංශෝධනත් සමඟ ජනතාව සංවර්ධනය කරන අය වැයක්  ඉදිරිපත් කරන බවත් එයින්  දුක්විඳින දරුවන්ගේ කුසගිනි නිවන්නට බලාපොරොත්තු වෙන බවත් වජිර අබෙිවර්ධන මහතා කීය. පසුගිය ආණ්ඩුවෙන් සිදුවුණු වැරදි නිවැරදි කරන්නට  ක්‍රියාමාර්ගය ගන්නා බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

ඕනෑම කෙනකුට අගමැති,ජනාධිපති සිහින තිබිය හැකි වුවත් ඒ අයට දෙකෝටි විසිලක්ෂයක් වූ මහජනතාව ජීවත් කරන සැලසුමක් ද තිබිය යුතු යැයි වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
එජාප 76 වන සංවත්සරය පිළිබඳ ගාල්ලේ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී වජිර අබෙිවර්ධන මහතා මෙි බව කීය.



අදහස් (7)

අය වැය රහසක් වජිරගෙන් එළියට

podi hamine Sunday, 28 August 2022 02:47 PM

බොරුව හොඳට ප්‍රචාරය කරන්න... ඒත් මෙදාපාර අපි අන්දන්නේ නැහැ.

:       11       12

චන්දන Sunday, 28 August 2022 03:20 PM

ගාල්ලට යම් දෙයක් කලේ රිචර්ඩ් පතිරණ ඇමතිවරයා විතරයි. එයාගෙ පුතාත් යමක් කරන්න සූදානම් වුනේ... මෙයා කලේ ගාල්ල විනාශ කරන එක විතරයි... හද හදා තිබුණු පාරවල් මග නතර කළා. උසාවි සංකීර්ණ මග නතර කළා. ගාල්ලේ ක්‍රිකට් පිට්ටනිය නැති කරන්න හැදුවා... අපූරුවට තිබුණු නගරයේ මාර්ග සැලැස්ම අවුල් කලා. කොටින්ම ගාල්ල විනාශ කළා...

:       4       11

ගමේ එකාලා Sunday, 28 August 2022 06:15 PM

තමුන් කියන බේගල්වලට ජනතාව දැන් අන්දවන්න බැරිවෙයි...

:       2       2

Ananda Sarath Samarasinghe Monday, 29 August 2022 01:38 PM

නියමයි...!

:       1       0

Ananda Sarath Samarasinghe Monday, 29 August 2022 01:44 PM

නියමයි පට්ට....!

:       1       0

ANANDA SARATH SAMARASINGHE Monday, 29 August 2022 01:47 PM

නියමයි පට්ට.

:       1       0

ANANDA SARATH SAMARASINGHE Monday, 29 August 2022 01:49 PM

නියමයි පට්ට එල........

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site