IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අය වැය යෝජනා හරියට වෙනවාදැයි ’’ඔත්තු’’ බලන්න කමිටුවක්

 

(අංජුල මහික වීරරත්න)

අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇත.

කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව නොවැම්බර් 15 ට පෙර ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරු අයවැය යෝජනාවන්ට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා මෙම කමිටුවක් පත් කර තිබේ.

කේ.ටී. කමල් පද්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එන්.කේ.ජී.කේ. නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන මහත්වරු පත් කර ඇත.

විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මේ වන විට ක්‍රියාත්මක කොට ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක මගින් අපේක්ෂිත කාර්යභාරය ඉටු කිරීමට සමත් වී ඇත්ද ?

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පවතින රේඛීය අමාත්‍යාංශවලට සිදු කළ හැකි ද ?

එම අමාත්‍යාංශ දැනට සිදුකරනු ලබන කාර්යයේ ස්වභාවය අනුව එම ව්‍යාපෘති කාර්යාල හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකක අඛණ්ඩව පවත්වාගත යුතු ද ?

එම ව්‍යාපෘති සඳහා අනුමත සේවක සංයුතියට පරිබාහිරව සේවක බඳවා ගැනීම් සිදුකර තිබේද ?

යන කරුණු ඇතුළුව විධිමත් මහජන සේවාවක් සහ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම වෙනුවෙන් බලපාන අනෙකුත් සාධක හා ආශ්‍රිත කරුණු තිබේ නම් ඒ පිළිබඳවත් මෙම කමිටුව විසින් විශේෂ අධ්‍යයනයක් සිදු කළ යුතු වේ.



අදහස් (5)

අය වැය යෝජනා හරියට වෙනවාදැයි ’’ඔත්තු’’ බලන්න කමිටුවක්

ලුම්බිණි Tuesday, 06 September 2022 05:02 AM

හැම එකටම කමිටු. දැන් කීයක් පත්කළාද?

:       0       0

Bamunuarachchi Tuesday, 06 September 2022 07:59 AM

ඔත්තුබලන කමිටුව හරියට ඔත්තු බලන වාද කියා බලන්න තව කමිටුවක් දාන්න වෙයි නැතිනම් හරියට ඔත්තු බලන්න දීමනාවක් ගෙවන්න වෙයි. ඔත්තු බලන කමිටුවට එන්නෙත් දේශපාලුවන්ගේ මිනිස්සු නේද? ඒවා නේද මේ විහිළු රටේ වෙන්නේ?

:       0       2

podimalli Tuesday, 06 September 2022 09:17 AM

අනේ පුළුවන්නම් අපේ ගෙවල්වලටත් එන්න ඔත්තු බලන්න, අපි කනබොන හැටි බලලා වාර්තා කරන්න. එතකොට සෞභාගේ දැක්මයි ආසියාවේ ආශ්චර්යයි හොඳට පෙනෙයි දැන් සැපද කියලා අහන්ට.

:       0       1

sachith Tuesday, 06 September 2022 09:58 AM

විහිලු සැපයිම කලාවක් නම් ශ්‍රී ලංකාවෙ ආන්ඩු එකෙ පිකසෝ වගෙ

:       0       0

Hafeel Tuesday, 06 September 2022 02:14 PM

මෙම කමිටුව නිරීක්ෂණය කරන්න තවත් කමිටුවක් පත් කරන්න... මේ රටේ කමිටු, කොමිසන් සභා වාර්තාව ඉල්ලන්නේ, මේවාට නම් අඩුවක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site