(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අතුරු අයවැය සහ රටේ මුදල් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වැනිදා සවස විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
එදින සවස 2.00 සිට 4.00 දක්වා මෙම දේශනය පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු ප්‍රධානීහු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම (අයවැය කතාව) සඳහා පාර්ලිමේන්තුවට ලබන 30 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අය වැය ගැන මහ බැංකු අධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට දෙසුමක්
amila Wednesday, 24 August 2022 02:14 PM
මොන දේශනේ තිබ්බත් ඕවා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමතෙක් තියන අයෙක් පාර්ලිමේන්තුවේ නැහැනේ.. අපරාදෙ අර මනුස්සයාගේ කාලේ... රටක උගත්තු ඉන්නම ඕනෑ තැනකට නූගතුන් යවලා අපි කරගෙන තියෙන දෙයක්...
රාවණාWednesday, 24 August 2022 03:23 PM
හර්ෂ ද සිල්වා, නාලක ගොඩහේවා, රනිල් වික්‍රමසිංහ වගේ දේශපාලඥයින් උගතුන් නොවේද?
AselaWednesday, 24 August 2022 09:40 PM
උගත්තු වුණාට විඤ්ඤාණය නැහැ. රටේ උගත්තු, බුද්ධිමත්තු හිටියාට වැඩක් නැහැ... විඤ්ඤාණය නැත්නම්...!
බද්රානි Wednesday, 24 August 2022 03:25 PM
රට මේ ව්‍යවසනයට පත් වුණු ප්‍රධානම හේතුව වන, අධික පොලියට ණය ලබාගෙන කළ ආදායම් නොලබන අසාර්ථක ව්‍යාපෘති ගැන මෙතුමා කියනවාද? ඒ ව්‍යාපෘති තුළින් ගසා කා ඇති මුදල් ගැන කියනවාද? සීනිබදු වංචාව හා හිටපු ජනාධිපති විසින් ව්‍යාපාරිකයින්ට ලබාදුන් බදු සහනය නිසා රටට අහිමි වූ ආදායම ගැන යමක් කියනවාද? රටට නොගැලපෙන දේශපාලකයින් වෙනුවෙන් අධි ඉන්ධන ධාරිතාවයකින් යුත් වාහන ආනයනය ගැන එහෙම කතා කරනවාද? පසුගිය කාලය තුළ රුපියලට සාපේක්ෂව ඩොලරයට නිසි වටිනාකමක් ලබා නොදීමෙන් විදේශගත ලාංකිකයින්ට අහිමි කළ රුපියල් ප්‍රමාණය ගැන කතා කළාද? බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලන්කන් එයාර් ලයින් අමනෝඥ කළමනාකාරිත්වය ගැන කියනවාද? සියල්ල මුදලට රැගෙන පරිභෝජනය කළ ජනතාවට නම් මොහු බොහොම සැරට ගොරවනවා. ලංකාවේ ආර්ථිකය විනාශ කළ හොර, තක්කඩි පාලකයින්ට ආවඩා, මහජනතාවට කියන එකද හපන්කම? අනේ අපි නොදන්නා මහලොකු ආර්ථික ඔස්තාර්?
Perera Wednesday, 24 August 2022 02:49 PM
ඔවුන්ගෙන් බහුතරයකට ඕවා අවබෝධ කරගන්න තරම් උගත්කමක්, බුද්ධිමත් කමක් නැහැ.
චන්දන Wednesday, 24 August 2022 03:42 PM
ආර්ථික විද්‍යා වචන දාන්න එපා. ඔවුන්ට ඕවා තේරෙන්නේ නැහැ. සරලම භාෂාවෙන් කියාදෙන්න.
ගමේ එකාලා Wednesday, 24 August 2022 05:35 PM
හොරකම්, වංචා, දූෂණ කරලා රටම බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන්ට ඔය මොන දේශනා තිබ්බත් වැඩක් වෙයිද? අනික ඔය දේවල් තෙරුම් ගන්න තරම් උගත්කමක්, සුදුසුකමක් තියෙන අය කීයෙන් කී දෙනාද ඉන්නේ?
SL Wednesday, 24 August 2022 05:48 PM
හොඳම හොඳ වැඩක්... මෙවැනි දේශන මීට ගොඩක් කලින් පටන් ගන්න තිබුණේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ, අපි කැමති වුණත් නැතත්, රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගන්න 225... ඔවුන්ට තේරෙන භාෂාවෙන්, තුන් හතර පාරක් හරි ඔය තත්වය කියලා දෙන්න තිබුණා. ඉන්න ටිකගෙන් වැඩ ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ...
sena Wednesday, 24 August 2022 05:59 PM
ඕවාගෙන් වැඩක් නැහැ.. මොකද බලය තියෙන්නේ පොහොට්ටුවන්ට... දේශනාව අන්තිමට ඒ මිනිස්සු අහයි ඕකෙන් සීයයට කීයක් අපිට තියෙනවද කියලා...!
Bamunuarachchi Wednesday, 24 August 2022 07:30 PM
අනේ පාර්ලිමේන්තු කාලෙන් පස්සේ පන්ති පවත්වාවත් මේ ගොයියන්ව දැනුවත් කරන්න. ඒක ලොකු පිනක්...