(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාලබේ පොලිස් ස්ථානය තුළදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළැයි කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
ඉකුත් (15) සැකකාර සැරයන් සහ පරීක්ෂකවරයා අතර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන බහින්බස් වීමක් සිදුව ඇති බවත්, එහිදී සැරයන් වරයා ටී 56 ගිනි අවියක් එල්ල කර උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ පොලිස් ස්ථානයේ සිටි පිරිස සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇත.
පලා ගිය පොලිස් කොස්තාපල්වරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයි.පී.ට ගිනි අවිය එල්ල කළ පී.සීගේ වැඩ තහනම්
kaalagune Sunday, 18 June 2023 05:56 AM
අපේ මුළු සමාජයම කුණුවෙලා ඕජස් ගලන තැනට පත්වෙලා ඉවරයි. මේක මෙතැනට ආවේ එකවරම නෙවෙයි, ක්‍රමයෙන්. බලධාරීන් ඊට අවශ්‍ය වෙලාවට අවශ්‍ය පිළියම් යෙදුවේ නැහැ. මුළු සමාජයම කුණු වුණාට පස්සේ පොලිසියද, බැංකුවද, පාසලද කියලා නැහැ හැම ආයතනයටම එහි බලපෑම එනවා. ආර්ථිකයත් හදන්න ඕනෑ... නමුත් සමාජයේ විනය හැදුවේ නැත්නම් ආර්ථිකය කොතැන තිබුණත් වැඩක් නැහැ...
Samitha S. Aluthgamage. Sunday, 18 June 2023 10:26 AM
සැරයන් වරයා නිවැරැදි යැයි කියන්නට බැහැ. ඒත් ඇතැම් පොලිස් හා හමුදා නිලධාරීන් තමන්ට වඩා පහළ නිලධාරීන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. ඒ වගේම, තමන්ට වඩා ඉහළ නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නේ බයාදු කුක්කන් වගේ. මේ උප පොලිස් පරීක්ෂකවරයා සැරයන්ට ආත්ම ගෞරවය කෙළෙසෙන විදිහට කැත වචනයෙන් බැන්නා වෙන්නට පුළුවන් නේද? කෙසේවෙතත් වෙඩිතැබීමට තැත්කිරීම වරදක් වගේම ඒ සඳහා සැරයන් වරයාව පත්කළ උප පොලිස් පරීක්ෂකවරයා හැසුරුණු අයුරුත් සොයාබලා කටයුතු කිරීම පරීක්ෂණ අංශවල යුතුකමක්...
dino Sunday, 18 June 2023 10:27 AM
අනිවා මොහු පලාගිහින් නවතින්නේ පාතාල ගුබ්බෑයමක...
Bunny Preena Tuesday, 20 June 2023 02:26 PM
ආරවුල් වලට ප්‍රධානම හේතුව තමයි ඉහල නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් .වාචිකව දෙන සමහර අසාධාර්ණ නියෝග පහල නිලධාරීන් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි සිදුවීම් වලට හේතුවක් විය හැකිය