IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අයි.ඕ.සීත් සම කරයි

(යොහාන් භාසුර)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව එම සමාගම පවසයි.

ඒ අනුව එල්.අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 කින්, ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් ඉහළ දැමූ බවත් එම සමාගම කියයි.

එම මිල ඉහළ දැමීත් සමඟ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 බවට පත්වූ බව එල්.අයි.ඕ.සී. වැඩිදුරටත් පවසයි.

 



අදහස් (6)

අයි.ඕ.සීත් සම කරයි

Asela Monday, 02 October 2023 07:41 AM

ඔය තියෙන්නේ පිනාගේ යි පොහොට්ටුවන්ගෙයි විකිණීමේ ප්‍රතිඵල, දැන් ඒ ගොල්ලෝ තරඟකාරී විදිහට මිල වැඩි කරනවා... අනිත් සේවා සපයන ආයතන ටික විකුණුවත් ඕක තමයි වෙන්නේ. දැන්වත් අවදි වුණොත් හොඳයි හැමෝම..!

:       0       6

S.H.Liyanage Monday, 02 October 2023 08:42 AM

ආණ්ඩුවේ සමාගම් පුද්ගලික සමාගම වලට තියෙන්නේ ඒවා නිසා අපට අඩුමිලට ගන්න පුළුවන් කියලා. ඇයි අඩුමිලට දෙන්නේ නැත්තේ?

:       0       5

සරත් කුමාර Monday, 02 October 2023 01:12 PM

මෙයාලාට බැරිද දන්නෑ අපිටත් අදායමයි ජීවන වියදමයි සමකරගන්න සූත්‍රයක් හදලා දෙන්න.. බින්දුව වෙන එකත් හොඳයිනේ ඍණවෙලා ණය වෙනවාට වඩා...!

:       0       4

අරවින්ද මොනරවිල Monday, 02 October 2023 02:52 PM

බහුජාතික සමාගම් ඇවිල්ලා අපිට හැම දෙයක්ම ලබෙට පහසුවට දෙනතුරු බලාගෙන ඉන්න සම..හරක්ගේ ඇස් තවම පෑදිලා නැතුව ඇති.

:       0       6

Kazi Shajahan Monday, 02 October 2023 04:21 PM

කෝ ඇමැතියා කිව්වේ, තරගයට ගියාම නිකන්ම තෙල් මිල අඩුවෙනවානේ.. දැන් කොහොමද සේරම ටික ටික කට ඇරලා මාකට් එක කන්ට්‍රෝල් කරන හැටි. ඇමැතියට, අපට වකුගඩුවක් දෙන්න පුළුවන්... නමුත් අපිට මොලයක් දෙන්න බැහැ.

:       0       0

C.K.Lankaputhra Monday, 02 October 2023 05:17 PM

දැන් ඔක්කොම තෙල් කම්පැනිවලට සනීපයි නේද? රට පෙරට, අපි වලට...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site