IMG-LOGO

අයි.එෆ්.සී මුදල් හුවමාරු ක්‍රමයට ඩොලර් මිලියන 400ක් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදල් හුවමාරු පහසුකම යටතේ ලබා දීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම මුදල අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උදව් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ප්‍රකාශ කර තිබේ. ඖෂධ, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මුදල් සැපයීමට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ සහ අපනයන වලින් සියයට 30 ක ප්‍රමාණයක් හසුරවන මෙරට පුද්ගලික බැංකු තුනක් සඳහා මෙම පහසුකම ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.

මෙම පහසුකම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍යව තිබෙන විදෙස් සංචිත ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කර ඇත.මෙම පහසුකම ලබා දීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජක ප්‍රජාව අතර වර්ධනය වනු ඇති බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීමට නව ආයෝජන ගලා එනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා තිබේ.



අදහස් (1)

අයි.එෆ්.සී මුදල් හුවමාරු ක්‍රමයට ඩොලර් මිලියන 400ක් දෙයි

chandima Monday, 27 February 2023 09:24 PM

මොන අත්‍යවශ්‍ය භාණ්ඩද ?අන්න සුවඳ විලවුන් සහ රුපලාවන්‍ය බඩු ගේන්න යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site