IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ අංජුල මහීක වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැති සිව්වැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් අද පැවැසුවේය.

කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටුවේ අනුමැතිය ලැබුණු පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්යමණ්ඩල එකඟතාවයකට පැමිණි බවත් අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සතුටුදායක බවත් එම අරමුදල පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත අර්බුදයට පෙර පැවති මට්ටම දක්වා යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ ආදායම ඉහළ යමින් , නිල විදෙස් සංචිත ගොඩනැගෙමින් පවතින බවත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමට ඉතාමත් ආසන්න බවත් වඩාත් වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදුන් අරමුදල් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටීම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

කෙසේ නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල බලපෑමක් එල්ල කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ඉන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම ඇස්තමේන්තු කිරීමට මෙන්ම ජාත්‍යන්තර මූල්‍යය අරමුදල මෙරටට ලබාදී ඇති අර මුදල් වැඩසටහනේ පරාමිතීන් තුළ සිට එම බලපෑම් ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සූදානම් කිරීමට එහිදී ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය එක්ව කටයුතු කරනු ඇති බව එම අරමුදල සඳහන් කළේය.

 

 



අදහස් (5)

අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි

Indrajith Fernando Friday, 25 April 2025 08:23 PM

හොඳ පුවතක්...

:       3       1

Neel Friday, 25 April 2025 11:01 PM

අනුර කුමාර දිසානායක ජනාධිපති ඇතුළුව ආණ්ඩුව රට ස්ථාවර කළ නිසා මේ හැම දෙයක්ම ලංකාවට ලැබෙනවා.

:       3       2

Kamal Saturday, 26 April 2025 12:19 AM

ලප කොටා පොරබදලා පොරබදලා වාරිකය ගත්තා. කිව්වොත් ඉතින් ඉර හඳ වගේ කරනවනේ...

:       0       3

Wenura Saturday, 26 April 2025 03:58 AM

2028 ණය ගෙවන්න පටන් ගද්දිත් අනුර හිටියොත් හොඳයි.

:       0       3

Jothi Saturday, 26 April 2025 10:39 AM

Imf එක කියන්නේ ඇමෙරිකානු බූවල්ලෙක් කියලා හීනෙන් විතරක් බොරු නොකියන කෙනෙක් කිව්වා මතකයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site