IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමු වෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන 26 වන සිකුරාදා පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (5)

අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමු වෙති

chamuditha Wednesday, 24 August 2022 06:48 PM

ලංකාවේ රජය කරගෙන යන තරුණ මර්දනය නවතා, ත්‍රස්ත පනත ඉවත් කරනතුරු ආධාරදීම ගැන සලකා නොබලන බව දැනටමත් නිවේදනය කරලා අවසානයි. ස්තුතියි මහත්වරුනේ මේ රටට සතයක්වත් මුදල් ආධාර දෙන්න එපා. නැවත මැතිවරණ තියෙනතුරු...

:       154       24

Not a slaveWednesday, 24 August 2022 07:13 PM

ඔබතුමා සිහිබුද්ධියෙන්ද කතා කරන්නේ..? කුහක වෙන්න එපා...!!!

:       20       67

saliyaWednesday, 24 August 2022 10:10 PM

අවශ්‍ය ස්ථාවරත්වය ඔහු රටට ලබා දී ඇත​. කරුණාකර පැත්තකට වී ඉන්න..​. ​

:       0       0

බද්රානි Wednesday, 24 August 2022 06:50 PM

ඒ උගත්, වැදගත් මහත්වරුන්ට මේ අය එක්ක මොන සාකච්ඡාද මන්දා? ඔය මොන උපදෙස් දීලා ණය දුන්නත් මොවුන් ඔක්කෝම එකට එකතුවෙලා ඔය මුදලුත් හොරකම් කරන එක සිකුරුයි. දානයක් හෝ පිනට දෙනවා කියලා හිතාගෙන මුදල් දෙනවා නම් ඉතින් කමක් නැහැ. නැත්නම් ඉතින් ඔය සල්ලි වලටත් අබසරණයි!! ඇත්තටම, මොවුන් ජානගත හොරු කියලා තවම මේ පිටරටවල මහත්වරුන්ට තේරෙන්නේ නැද්ද මන්දා..? ඔය මුදල්වලින් අපට නම් වැඩක් නැහැ... පුළුවන් නම්, මේ රට ආක්‍රමණය කරලා මේ හොර නඩයෙන් රටේ අහිංසක ජනතාව බේරාගන්න. මේ අය ඔක්කොම හොරු!!

:       117       24

fairoos Wednesday, 24 August 2022 06:57 PM

එයාලා කියන හැම එකටම හා හා කියලා කොහොම හරි රට උගස් තියලා හරි ණය ටික ගනිමු.

:       42       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site