IMG-LOGO

අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බහු පාර්ශ්වීය නියෝජිතායතන ඔස්සේ ලබා ගැනීමටත් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 - 3 ත් අතර මුදලක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උනන්දු බවත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය සහ නිල සංචිත ශක්තිමත් වන බවත් සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇත.

චීනය,ජපානය,ඉන්දියාව මෙන්ම පුද්ගලික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාව තවමත් තම විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන් වන චීනයෙන් සහ ඉන්දියාවෙන් මූල්‍ය සහතික බලාපොරොත්තුවෙන් සිටින බවත් සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (3)

අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි

chandima Thursday, 15 December 2022 07:05 AM

මෙදා පාර නම් ගියපාර වගේ නෙවෙයි. අපට මෛත්‍රී බුදුන් පහල වෙනකල්ම ගෙවන්න අමු සුද්දයක් දීලා මරුවෙන්නයි යන්නේ.

:       22       22

Jagath Thursday, 15 December 2022 08:53 AM

මේ තවත් නාට්‍යයක් පෙන්නන්න හදන්නේ. ගත්තු ණය ගෙවාගන්න බැරි රටකට කවුද තව ණය දෙන්නෙ? මේ නීත්‍යානුකූල නොවන රජයක්. ඒක නිසා කවුරුවත් අපිට ආධාර කරන්නේ නැහැ. කරුණාකරලා ඉක්මනට සියලුම මැතිවරණ පවත්වන්න.

:       25       19

Perera Thursday, 15 December 2022 09:12 AM

ඔව් ඉතින් අර 12 දෙනාටත් ඇමැති පත්වීම් දෙන්නත් ඕනෑ නෑ...

:       14       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site