IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

අපි ඒ ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා.ඊට කලින් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේවා හංගලා කරන්න බැහැ. විවාදයට පෙර මේක අපේ මේසවල තියෙන්න ඕන. රට වැටිල තියෙන තත්ත්වය අපි දන්නවා. ඒ නිසා අපි උදව් කරන්න සූදානම්. නමුත් ගිවිසුම් හංගන්න එපා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා;

මම මේ ගැන අද උදේ මහ බැංකු අධිපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමාගේ විරෝධතාවයක් නැහැ. අධිපතිතුමා ඕන වෙලාවක මේ වාර්තාව දෙන්න සූදානම්. නමුත් ඒකෙ අවසාන තීරණය තියෙන්නෙ මුදල් ඇමතිතුමා ළඟ. බදු සංවේදී කාරණා ඇතුළත්වීම ඊට හේතුවයි. කලින් ප්‍රකාශ කළ නොහැකි යෝජනා කිහිපයක් තිබෙනවා. මුදල් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්න කියල එතුමා මට දැනුම් දුන්නා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට.පාර්ලිමේන්තු වට හෙළි කරන්න බැරි කරුණු තියනවා කියලා කාටවත් කියන්න බැහැ.අපි මේවා හොරෙන් කරනවා කිව්වොත් ජනතාව විරුද්ධ වෙනවා. අපි කරන්නේ මොකද්ද කියල මේසෙ උඩ පැහැදිලිව තියෙන්න ඕන. ඒ තීරණය වැරදියි. අපේ රටේ විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 20ට අඩු වෙනවා කියලා ඔබතුමා දැනගෙන හිටියෙත් නෑ. පාලිමේන්තුව දැනගෙන හිටියෙත් නෑ. ඔබතුමා එක දැනගෙන හිටියද. දැනගෙන හිටියෙ නෑ. අපි කව්රුත් දන්නෑ. අඩු තරමින් ඔබතුමාට දැනුම් දෙන්න තිබුණා.

කතානායක:

හරි.මම ඒ ගැන මුදල් ඇමති තුමා සමග සාකච්ඡා කරන්නම්.

 



අදහස් (14)

අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයි

වීරවිජේ Friday, 09 September 2022 03:47 PM

සාකච්ඡා කළාම 20, 100, 1000 වෙනවාද?

:       4       38

gamunuFriday, 09 September 2022 05:46 PM

බදු අයනොකර කිසිඳු රටක් පවත්වාගෙන යා නොහැකිය. අසීමිත සේවකයින් රාජ්‍ය සේවය, ත්‍රිවිඩ හමුදාවන්, පොලිසිය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය මේ සියලු ආයතන පවත්වාගෙන යනු ලබනුයේ මහජනයා රජයට ලබාදෙන බදු මුදලිනි. විධිමත්, කාර්යක්ෂම සහ ගුණාත්මක සේවා මහජනතාව වෙත සැපයීමට අවශ්‍ය නම් ඒ සඳහා බදු ගෙවිය යුතුවේ. 2019 බලයට පැමිණි රජය බදු කපාහැරීම නිසා වර්තමානයේ රටට ඉන්ධන, බෙහෙත් සහ වෙනත් සේවා සපයා ගැනීමට රජයට මුදල් නොමැත. බදු ලබාගැනීම සඳහා සරල, පැහැදිලි ක්‍රමවේදයක් හඳුන්වා දීම වැදගත් වේ...

:       8       37

නිමේෂ් Saturday, 10 September 2022 06:58 AM

මෙතන තියෙන ප්‍රශ්නේ .පොහොට්ටුවෝ ටික තිබුණු බදු කපල , රජයේ අදායම් නැතිකරගෙන , එක හොයාගන්න විශාල වශයෙන් මුදල් අච්චු ගහල , උත්දමනය 70% කින් වැඩිකරලා , දැන් එකට උඩින් අපහු තිබුණු බදු සහ අලුත් බදු ගෙන්නල , මෙ රටේ මිනිසුන්ට මේක තවත් ජීවත්වෙන්න අමාරු අපායක් කරන්න හදන එක .

:       0       7

ධනුෂ්ක Saturday, 10 September 2022 03:12 PM

මහත්තයෝ ඔච්චර හෝදන්න එපා. ඔය කියන පඩි ගෙවන්නේත්, බදු ගෙවන්නේත් රුපියල් වලින්, ඩොලර්වලින් නෙමේනේ. ලංකාවේ තියෙන්නේ රුපියල් අර්බුදයක් නෙමේ ඩොලර් අර්බුදයක්. ජනතාව ඩොලර් වලින් ගනුදෙනු කළේ නෑ. ඩොලර් වලින් ගනුදෙනු කලේ පාලකයින්. මේ රටේ මිනිස්සු බදු ගෙවනවා ඕනෑතරම්... සමහර භාණ්ඩ වලට 200%, 300% යි. බදු ගෙවන්නේ නැතුව ඉන්නවා නම් ඒත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්...

:       0       0

saman Friday, 09 September 2022 04:20 PM

මොනවද ඉතින් ඕවාගේ ඔච්චර සංවේදී වෙන්න තියෙන කාරණා..? හැමදාම කරා වගේ දුප්පත් මිනිසුන්ට බදුබර පටවලා, පොහොසත් මිනිස්සු බද්දෙන් නිදහස් කරයි...

:       1       51

සඳුන් Friday, 09 September 2022 04:51 PM

හංගලා ගැහිල්ල නිසා තමයි රට වලපල්ලටම ගියේ....

:       1       43

සඳුන් Friday, 09 September 2022 05:20 PM

ජනතා දුක ගැන ඉතාම සංවේදී පිරිසක් ඕකේ ඉන්නේ... මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙද්දී තෙල් කෝටාව ෂේප් එකේ වැඩි කරගත් හැටි මතකයි...

:       0       31

Rasika Friday, 09 September 2022 10:04 PM

හරිහමන් කෙනෙක් කිව්වනම් කමක් නැහැ කිරිඇල්ලට කිව්වත් ඕක තේරෙයිද?

:       2       0

Samantha Friday, 09 September 2022 11:46 PM

අපේ බෙල්ල මිරිකලා මරලා දාපියව් බදු නොගහා ඒක හොදයි තොපිට නැතිනම් මේක විකුණපියව්.

:       1       3

Demuni de Silva Saturday, 10 September 2022 04:20 AM

Suzerainty or supreme power is with the people is guaranteed by the Prime Law - the Constitution. Hence, none is above the Law.

:       0       3

නිමේෂ් Saturday, 10 September 2022 06:51 AM

ඔය රනිල් ම නේද යහපාලන සමයේ මහා ලොකුවට පම්පෝරි ගහල මහජනතාවට "තොරතුරු දැනගැනීමේ " පනතක් සම්මත කරේ ?

:       1       8

Perera Saturday, 10 September 2022 09:36 AM

ඔහෙලා ඔක්කොටම සංවේදී තැන් බලාගන්න පුළුවන් නුදුරු අනාගතයේදී

:       0       8

fairoos Sunday, 11 September 2022 02:07 PM

බයියන්ට නම් කමක් නැහැ... රටට මොනවා වුණත්.

:       0       0

amila Sunday, 11 September 2022 05:29 PM

රටට, මිනිස්සුන්ට අනිවාර්යයෙන් හොඳක් වෙන දේවල් ඕකෙ තියෙන්නේ. සංවේදි වෙන්නේ ඉතින් ඇමතිලා සාක්කුවට තමයි. කරුණාකරලා සල්ලි මේ නඩයට නොදී නිසියාකාරව යොදවන්න ක්‍රමයකුත් යෝජනා කරන්න. නැතිනම් සල්ලිවලට වෙච්චි දෙයක් නැතිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site