IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයි. එම්. එෆ් ගිවිසුමට සජබ එරෙහි වෙයි

(නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ගෙන එනු ලබන සියලු  යෝජනාවලට කොන්දේසි විරහිතව ඒකග වීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුව සිදුකල යුත්තේ විනිවිදභාවයකින් සහ රටට ජයග්‍රහණ අත්පත් කරගත හැකි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් පුවත් එය සිදුව නොමැති බවත් එහිදී  අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් සඳහන් කොට තිබේ.

රටට අහිතකර කොන්දේසි සමග ගිවිසුම අත්සන් කර තිබීම සහ ගිවිසුම රටට ඉදිරිපත් නොකිරීම ඇතුළු කරුණු පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම එහිදී ඒකමතිකව තීරණය කරනු ලැබීය.



අදහස් (5)

අයි. එම්. එෆ් ගිවිසුමට සජබ එරෙහි වෙයි

Rata Perata Tuesday, 20 June 2023 02:03 PM

sjb විතරක් නෙමෙයි මුළු රටම එරෙහි වෙන්න ඕන.මේක ජනතාවට හොරෙන් ගහපු ගිවිසුමක් .කිසිම විනිවිදභාවයක් නෑ

:       1       2

nimal Tuesday, 20 June 2023 02:38 PM

හිරි ඔතප් පිළිබද නොදන්නා දේශපාලනය ලංකවෙන් තුරන් කරමු.

:       0       11

Jagath Wickramasekara Tuesday, 20 June 2023 07:04 PM

ගොන් පාට්

:       0       1

අරවින්ද මොනරවිල Wednesday, 21 June 2023 10:27 AM

පාර්ලිමේන්තු ඡන්දයේදී පැනලා ගිහිල්ල දැන් රටට පොර කියලා පෙන්වන්න, අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහනවා වගේ ගොන් ජෝක්ස් දාන්නේ පුතාණෝගේ නඩය.

:       0       4

Bamunuarachchi Thursday, 22 June 2023 04:40 AM

අපිටම ඕනේ විදිහට ගිවිසුම් වලට එකඟ වෙලා අපිට ණය දෙන ලෝකයක් නැහැ. ණය ඕනේ නම් ගෙවන්න බැරිඋනොත් අවාසි වෙන ගිවිසුම් වලට යන්න වෙනවා. ඒ නිසා බොරු ශෝබන දමන්නේ නැතුව ඉන්නවා හලෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site