IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි.එම්.එෆ් එකඟතා ගැන ජනපති කතානායකට කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා රජය එළැඹි එකඟත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව අධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසී යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත්  කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දැනුම් දී ඇතැයි   කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

අදාල ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ වෙනත් රාජ්‍ය නිලධාරියකු දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව කථානායකවරයා කීය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟතාවයට තවදුරටත් සංශෝධන ඇතුලත් කරමින් තිබෙන බව  ජනාධිපතිවරයා සඳහන් කළ බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණි එකඟතා අයි.එම්.එෆ් මණ්ඩලය මගින් සම්මත විය යුතුව තිබෙන බවත් ඒ නිසා අනෙක්  ණය හිමියන් සහ රටවල් සමග සාකච්ඡා කර අවසන් වනතුරු අවසන් එකඟත්වයක් දෙන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවසූ බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.



අදහස් (0)

අයි.එම්.එෆ් එකඟතා ගැන ජනපති කතානායකට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site