(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එසේම දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රටක් ලෙස මුහුණදීමට සිදුවු අසීරු කාලය දැන් පසුකරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍යවරයා කීය.
COMMENTS
මේ මනුස්සයා දන්න මූල්‍ය කලමනාකරණයක් නෑ. මෙයාලගේ හොඳ කාලය නම් ඇවිත් තව ණයක් ගත්තාම පිස්සො රැළක්...
පිස්සු කෙලලා, බොරු කියලා රටේ මිනිස්සු මෝඩ කරපු කාලය ඉවරයි. ඔය කට ඇරගෙන, උඩ බලන් ඉන්න... ඔය වාරිකය ලැබෙන්නේ පළමුවෙන් පවත්වන "ඡන්දයකින්" පසුවලු...
ණය ගත්තාම ඔක්කොම හරියයි. ණය ගෙවන්නේ රටම හොරාකාලා, කාබාසීනියා කරපු දූෂිත දේශපාලුවෝ නෙවෙයි.. රටේම ජනතාව..?
ඔය වාරිකය ලැබේවි 2026 පමණ එනකොට වෙන්න ඕනෙ දේවල් සිදුවී හමාරය.
එහෙනම් අපි ආපහු පොහොට්ටුවටම ඡන්දෙ දෙන්නම්...!
හැමදාම පච ඇරපන් ප්‍රසිද්ධියේ...
ණය ගත්ත ඔයා ඒක ගෙවන්නේ නෑනේ...! ඔයාලා කරන්නේ ඒකෙනුත් තව හොරාකන එකනේ. ඒක නිසා ඔයාලාගේ අමාරු කාලේ නම් ඉවර වෙයි තමයි. අනික ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා කළේ බඩුමිල වැඩිකරපු එකනේ. ඕකට ඉතින් ආර්ථික විශේෂඥයෝ ඕන නෑනේ.. අර කවුද කිව්වා වගේ ‘‘ඕන ගොනෙකුට කරන්න පුළුවන් නේ...‘‘ ...