(හිරාන් ප්‍රියංකර)
රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් දින තුනක් රදවා ප්‍රශ්න කිරීම සදහා පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් එස්.ඒ.එම්.සී.සතුරුසිංහ මහතා කල්පිටිය පොලිසියට නියෝග කළේය.
මෙසේ පැය 72ක කාලයක් රදවා ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබුනේ කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී ත්‍රි රෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක ප්‍රමානයක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දෙදෙනෙකී.
ආදල සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ පදිංචි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා කල්පිටිය තොර අඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි.
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙරට වයඹ මුහුදු තිරයට අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුන බුද්ධි තොරතුරක් මත කලක සිට සිදුකල මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුනී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.