
(සුජිත් හේවාජුලිගේ )
අයිස් මත්ද්‍රව්‍ය ගන්නා දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තුළ ආහාරපානවලට ඇති අභිරුචිය ක්‍රමානුකූලව හීනව යන හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස ශරීර දුර්වලවී ප්‍රතිශක්තිය බිඳ වැටීමෙන් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරුවීම අනිවාර්ය පොදු ලක්ෂණය බවද ඔහු කීවේය.
මේ හේතුවෙන් දරුවන්ගේ කායික සහ මානසික ශක්තිය අඩපණ වීමෙන් අධ්‍යාපන කටයුතු මුළුමනින්ම බිඳ වැටෙන බව පැවසූ දීපාල් පෙරේරා මහතා දරුවන්ගේ බාහිර කටයුතු සම්බන්ධයෙන් මවුපියන් විමසිල්ලෙන් සිටීම වැදගත් බවද සඳහන් කළේය.
අනෙකුත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැඩි බවත් අයිස් මත්ද්‍රව්‍ය ගන්නන්ගේ ආයුෂ කෙටිවීම අනිවාර්ය බවත් ඔහු පැවසීය.
බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ එමගින් නිදිමත ගතිය අඩුවී මතක ශක්තිය වැඩි වන බවට අසත්‍ය පතුරවමින් යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එය අමූලික අසත්‍යක් බවද සඳහන් කළේය.
අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මතක ශක්තිය බිඳ වැටෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයිස් නිසා දරුවන්ගේ මොළයට වෙනදේ
sena Monday, 19 December 2022 01:46 PM
අනේ සර්... මේ ගැන පාසල් දරුවන් දැනුවත් කරන්න වැඩ සටහනක් කරන්න.
කටින් බතල Monday, 19 December 2022 01:55 PM
මේ වෙන දේවල් ගැන හොඳින් දන්නා පාලකයින් තවම කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. පාසල් දරුවන්ව මත් රකුසාගෙන් බේරගන්න. සුපුරුදු පරිදි මත්ද්‍රව්‍යවල තියෙන භයානක කම ඇමතිලා මැතිවරුන් මත්පෙති, කුඩු, අයිස් වෙළෙන්ඳන්ව හොයාගෙන දැඩි දඬුවම් දෙන්න. දැනටමත් බහුතර පාසල්වල ඇබ්බැහි වෙලා ඉන්න සිසුන් සොයාගෙන හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කරන්න... පාසල් අවට, ඇති වෙළෙඳසල් වලින් දරුවන්ට යන මත්ද්‍රව්‍ය නවත්වන්න. පාසල්වල ඉතිරි සිසුන් බේරාගන්න.. දැනුවත් කරන්න කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැත.
yaka Monday, 19 December 2022 03:10 PM
මේ වුවදුරට සහාය දෙන අයට පක්ෂ, පාට, බලය නොසලකා උපරිම දඬුවම් දෙන්න. ගොදුරු වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න. මේ ගැන පාසල් දරුවන් දැනුවත් කරන්න වැඩ සටහනක් දීප ව්‍යාප්තව කරන්න. තවමත් බලධාරීන් නිහඬ, ඔවුන් සම්බන්ධ නිසාදැයි සැකයි...
"මත් දීපය" Monday, 19 December 2022 03:14 PM
අපේ රට සංචාරය කරලා ගිය විදේශිකයින් ඒ අයගේ රටවලට ආවට පසු අපේ රට ගැන කියන දේවල් ඇහුවාම පුදුමයක් නොවේ... ! 'අයිස්' වලට ඇබ්බැහිවුණු ළමයි කරන දේවල් දැක්කාම බය හිතෙනවලු.. ලංකාවට ආයිත් එන්න..! හවසට බීච්වලට ඇවිල්ලා අහනවලු "පැකට්"ද "කොපු"ද ඕනි ... දෙකම ලාබයි කියලා..! ලංකාවේ ළමයි බඩගින්නේ හාමතේ ඉන්නවා කියලා කිව්වාට මත්කුඩු ගන්න පැත්තෙන් නම් එහෙම දෙයක් පේන්නට නැහැලු. ඕනෑතරම් ඒවාට ළමයින්ට සල්ලි අතේ ගැවසෙනවලු.. හවසට බීච් ඇවිල්ලා හම්බකරන සල්ලිවලින්..! අනික දරුණු යුද්ධයක් දින්න රටකට අද මේ දෙයින් රට දිනාගන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන එක දැක්කාම හරියට දුක හිතෙනවාලු..! කිලෝ ගණන් 'අයිස්' අල්ලපුවා උජාරුවට මාධ්‍යයෙන් පෙන්වනවාලු.. ඒත් ඒවා විනාශ කලා කියලා ඒ මාධ්‍යවලම කියන්නේවත් පෙන්වන්නේවත් නැති එකේ ප්‍රතිඵලය තමයිලු... විදේශික අයට තේරුම් ගිය එකම දේ..!
siri Monday, 19 December 2022 03:20 PM
අයිස් කියලා දැන් පෙන්වන්නේ පාස්කු කතාවේ දෙවෙනි කොටස කියලාත් සමහරු කියනවා. පෙබරවාරි වෙනකොටලු ඡන්දයක් එන්නේ. අනේ මන්දා...?
sharm warn Monday, 19 December 2022 03:51 PM
අයිස් වලට දුන්නු ප්‍රචාරේ දැන් හොඳටම ඇති... කරුණාකරලා ලංකාවට මේ මත්ද්‍රව්‍ය ගෙන්නන මුල්පෙලේ අයව අල්ලන්න. මෙතන නොදාන අයටත් එව්වා ගැන කියලා දීලා පොළඹවන මෝඩ විකාර නොකර...