IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයිස් ක්‍රීම් ලොරිය අධිවේගයේ දොයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අයිස් කීම් විකිනීමේ ජංගම ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න කිලෝමීටර් 53 අසලදී අනතුරට ලක්වීමෙන් අඹු සැමි යුවළක්  තුවාල ලබා රෝහල් ගත කළ බව කුරුදුගහ හැතැක්ම අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අනතුරට ලක්වූ එම ජංගම රථයෙහි සිටි තුවාල ලද යුවළගේ වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවාට හාස්කමකින් මෙන් කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය කියයි.

ගම්පහ ප්‍රදේශයෙහි පැවති සැණකෙළි භූමියක අයිස් ක්‍රීම් විකිණීමේ යෙදී සිට අනතුරුව අම්බලන්තොට නිවස කරා කඩවත පිවිසුමෙන් ඇතුළු වී යමින් සිටියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැකකරයි.

ලොරි රථය මාර්ගයේ වම් පසට ඇදී ගොස් ආරක්ෂිත වැටේ ගැටීමත් සමඟම එහි ඉදිරිපස වම් පස අසුන් ගෙන සිටි රියදුරුගේ බිරිඳ සහ කුඩා දරුවා වාහනෙන් පිටතට විසිවී ඇති අතර අනතුරුව ලොරි රථය පෙරළී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

අයිස් ක්‍රීම් ලොරිය අධිවේගයේ දොයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site