
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 159 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂවත් සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු අයවැයට විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කළහ.
රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධවද කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂවද ඡන්දය ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා අයවැය ලේඛනය( අයවැය කතාව) පාර්ලිමේන්තුවට පෙබරවාරි මස 17 ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාද දින විසි හයක් පුරා පැවැත්විණ.
අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පෙබරවාරි මස 18 සිට පෙබරවාරි මස මස 25 දක්වාද අයවැය කාරක සභා අවස්ථාවේ විවාද පෙබරවාරි 27 වැනිදා සිට අද (21) දක්වාද පැවැත්විණ.
අද (21) පැවැත්වුණේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයයි.
COMMENTS
මේ රටේ ජනාධිපති විදිහට තේරී පත් වුණු වැඩකට නැති කෙනෙක්. ඔහු මෛත්‍රීට හෝ ගෝඨාභයට නොදෙවෙනියි. ගෝඨාභය අඩුම තරමේ කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. කිසිම ප්‍රගතියක් නැතුව අවුරුදු පහක් ගෙවිලා යයි.
අනුර ඇතුලු ජා.ජ.වේගයට ජයවේවා! මෙය සැබවින්ම ජනතාවාදි අය-වැයකි.
අසේලගේ කුහකකම පේනවා...
පේනවනේ ටොම්පච අතඇරලා ජෙබයියෝ රැවැට්ටුවා කියලා දාන හිනාව...
අද අන්දරේත් පාර්ලිමේන්තු ඇවිත් සභාවම හිනැස්සුවා...
ඉස්සර හිටපු නායකයෝ ජනතාව රැවට්ටුවේ ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා.. අන්තිමට රටම හොරාකාලා කාබාසිනියා කරපු එකයි කෙරුවේ...
අසේලට මතක් කරලා දෙන්න ඕනෑ පඩියට දීමනා එල්ලන්නේ නැතුව බේසික් එක වැඩි කරපු එක, මූලික වැටුප් වැඩි කරපු එක, ඉන්ක්‍රිමන්ට් වැඩි කරපුවා, බදු සීමා ඉහළ දාපුවා, වාහන ගෙන්නපුවා... කුහකකම අතෑරලා බැලුවොත් හොඳයි.
අයවැයක් කෙසේවෙතත් නයවැයක් නම් සම්මත කරගෙන තියෙනවා. පහුගිය මාස 6ට අරන් තියෙන ණය කන්ද අනුව හිතාගන්න පුළුවන් හොරාචාර්ය, දුරාචාර්ය, පොතේ ගුරු මාලිමා උගත්තු ටික රට හිරකරන්න යන ණය උගුල. ආදායම් හොයන්න මෙයාලාට තියෙන එකම මාර්ගය බදු විතරයි. කිව්වේ නම් කොහොමද?
මහ චේතිය පාර්ලිමේන්තුවට...
පච බේරෙනවා.
සමහරු විශ්‍රාම වැටුප් දෙක දෙක අරං තියෙන බව ඔබ කිව්වා. ඒ අය විතරක් නොවෙයි දකුණු පළාත් රාජ්‍ය ස්වා කමිෂන් සභාවේ හිටියා.. එවක ආණ්ඩුකාර වරයාගේ එකම උපදේශකත් සාමාජිකයෙක් විදියට එයා වැටුප් හතරක් ගත්තා මම තමයි විගණනයට ලිව්වේ. ඒ වගේම තව ඉන්නවා එකවිට වැටුප් තුන හතර ගන්නා අය. ඒ වගේම දීමනා ආදිය. ඉන්ධන සහ නිල වාහන දීමලා කියලා ලක්ෂ එකහමාරක් අරං තවත් වාහන දීමනා කියලා තවත් මුදල් ගත්තු අය ඉන්නවා දකුණු පළාතේ. මම තමයි විගණනයට ලිව්වේ. ඒවා ගැන තවමත් නිසි විගණනයක් නැහැ. අනික දකුණු පළාතේ මේ ආණ්ඩුකාරයා ඉන්න කම් කිසිම වෙනසක් වෙන්නෙත් නැහැ. දේශපාලන අධිකාරියටත් ඒවා සොයලා බලන්න ඕනෑකමක් නැහැ වගෙයි පෙනෙන්නේ. ක්ලින් ශ්‍රී ලංකා කිමට මෙව්ව කිසිවක් ක්ලීන් වෙලා නැහැ. මම කැඳවන්න ජනාධිපති ලේකම් කාර්යාලකයට මම එන්නම් ලිපිලේඛන ඔක්කොම අරංගෙන. අර කවුද කියලා තිබුණා වගේ දකුණේ ආණ්ඩුකාර කමට මෙයාට වඩා හොඳයි.. රමේෂ්, කාංචන, නාමල් හෝ චානක. මෙයා ඩබල් ගේම් කාරයෙක්. සත පහකට වැඩක් ඇති පුද්ගලයෙක් නොවෙයි...
මේ අයවැයෙන් සාමාන්‍ය බහුතර ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් නැහැ. එසේ නම් ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. සියලුම රජයන් එකම දේ කළේ මහජනතාව රවටා ගැනීම පමණයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පහළ මධ්‍යම පාන්තික අහිංසක ජනතාව.
කවුරු කොහොම, මොනවා කිව්වත්, මාලිමා රජයේ මංගල අයවැය ඉතාම ඉහළින් "පාස්වෙලා" තියෙනවා!!! මේතරම් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණු අයවැයක් රටේ ඉතිහාසය තුළ තිබේද කියා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න... ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා සිය වගකීම මනාව ඉටු කරමින්, රජයේ සියළුම මන්ත්‍රී සංඛ්‍යාව වන 159 දෙනාම ඡන්දය දෙන අවස්ථාවෙහිදී සභා ගැබට ගෙන්වා ගැනීමට සමත් වුණා. එය ඔහු ලැබූ ජයග්‍රහණයක් බව පැහැදිලිවම පෙනෙනවා.
ජනපතිතුමනි, ඔබතුමාගෙන් ඔයිට වඩා පරිණත නායකත්වයක් අපි බලාපොරොත්තු වුනෙමු...