
(අංජුල මහික වීරරත්න)
2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
මේ අනුව එහි එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය හදන්න යෝජනා ගැනීම අරඹයි
රුවන් Tuesday, 10 December 2024 02:21 PM
අධ්‍යාපනයට, සෞඛ්‍යට වැඩි ප්‍රතිශතයක්, යුද වියදම් ඇතුළු ආරක්ෂවට අඩු ප්‍රතිශතයක් අවශ්‍යයි. ආහාර සහ කෘෂිකර්මයටත් වැඩි බරක් අවශ්‍යයි. කියමනක් තියනවනේ නිසි සෞඛ්‍ය, අධ්‍යාපනය, පෝෂණය නැතුව රටක් අනාගතයක් නෑ කියලා.
Kazi Shajahan Wednesday, 11 December 2024 07:29 AM
ඔයා කොහොම කළත් IMF එක කියන විදිහට තමයි වියදම් කරන්න වෙන්නේ... වැට් අඩු නැහැ. ලයිට් බිල අඩු නැහැ. ඉන්ධන අඩු නැහැ. ඕක තමයි අන්තිමට වෙන්නේ...
සෙනෙවිරත්න Wednesday, 11 December 2024 11:15 AM
ඔව් ආරක්ෂක වියදම් කියලා නිළධාරින්ගේ ළමුන් පාසලට ගේන එක ගෙනියන එකට මහජනතාවගේ මුදල් යෙදවීම කළ යුතු නැහැ,