IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයවැය ගැන ’’පේරෙන්’’ හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ)

මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.

අමාත්‍යාංශ විසි එකකට වෙන් කෙරෙන්නේ සියයට  14කට වඩා අඩු මුදලක් බවද ඔහු සදහන් කළේය.

අමාත්‍යාංශ දෙකකට වැය කිරීමට අපේක්ෂා කරන මුදල මුළු වියදමෙන් සියයට 42ක් බව  පවසන මහාචාර්යවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 56500 ක් වැය කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. එය මුළු වියදමින් සියයට  15 ක් බවද  ඔහු ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය සදහා වැය කෙරෙන්නේ රුපියල් කෝටි 23700 ක් පමණක් බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා   එය ආරක්ෂාව සඳහා කරන වියදමින් භාගයකවත් මුදලක් නොවන බවද සඳහන් කළේය.

සෞඛ්‍යය සදහා රුපියල් කෝටි 44000 ක් වන අතර එය ආරක්ෂක වියදමට වඩා අඩු මුදලක් බවද  ඔහු කීවේය.

ණය ගෙවීම් හැර රජයේ අමාත්‍යාංශ 29 කට සහ විශේෂිත වියදම් ඒකකයට අදාලව වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 386000 ක් බවත්   එය පෙර වසරට වඩා රුපියල් කෝටි 20300 ක පමණ  වැඩිවීමක් බවද  මහාචාර්යවරයා පැවසීය.

ලබන වසර සඳහා වනවිසර්ජන පනත් කෙටුම්පත ලංකාවේ ආර්ථික අර්බුදයට එහා ගිය කඩා වැටීමක් පෙන්නුම් කරන එකක් බව ඔහු  වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

අයවැය ගැන ’’පේරෙන්’’ හෙළිදරව්වක්

Nimesh Saturday, 14 October 2023 02:49 PM

යුද්ධයක් නැතිවෙලේ සහ රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තිබියදී මේ පොහොට්ටුවේ හොරු ටිකයි, පින්පති තුමයි එකතුවෙලා ඇයි මේ තරම් මුදලක් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කරන්නේ? මාලදිවයින් දූපතකවත් අල්ලාගන්න හදනවාද?

:       5       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site