(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එම අනුමැතිය දී ඇත්තේ එක් සංශෝධනයකට යටත්වය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (13) වැනිදා රැස්විය.
මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති සභාපති වරයා සඳහන් කළේ බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බවයි.
අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය මෙමගින් සහතික කෙරෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම පනත යටතේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයින්ට සිය පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙමගින් ඡන්ද අපේක්‍ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අයත් ප්‍රතිපාදන වඩා විනිවිදභාවයකින් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ව්‍යවස්ථාදායකය විසින් තහවුරු කරන ලද ස්වාධීන ආයතනයක් බවත් එමගින් මූල්‍ය පුරෝකථන මත සිදුවිය හැකි මූල්‍ය බලපෑම පිළිබඳ විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් සිදුකරනු ලබන යෝජනා විශ්ලේෂණය කිරීම කළ හැකි බවයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ අයවැය දින 60ක් ඇතුළත ඉදිරිපත් කිරීම යන සංශෝධනයට යටත්ව පනත් කෙටුම්පත සඳහා මුදල් කමිටුවේ අනුමතිය හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය කාර්යාල පනතට මුදල් කමිටුවේ අනුමැතිය