IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ  සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (20)පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පත ඉදිරිපත්  කරමින් පළමු  කතාව පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාද පාර්ලිමේන්තු අයවැය නිලධාරියාගේ බලතල කාර්ය කාර්යය සහ කර්තව්‍යය නිශ්චිතව දැක්වීම සඳහාද  ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව  එහි සඳහන් වේ.

මෙය පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවද  එහි වැඩිදුරටත් දැක්වේ.



අදහස් (0)

අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site