IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයවැයෙන් මහාමාර්ගවලට සල්ලි වෙන්කිරීම මවාපෑමක්ද

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙවර අයවැයෙන් මහා මාර්ග වලට මිලියන පන්දාහක් වෙන්කර ඇත්තේ මවාපෑමකට දැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ  මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ප්‍රශ්න කළේ  අයවැය යෝජනාවලියේ  මුදල්  වෙන් කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

ගාමිණී වලේබොඩ මහතා:

ඔබතුමා නිශ්චිතවම පැහැදිලි කළා  මේ අය වැය ලේඛනය මගින් ප්‍රාග්ධන වියදම් දරන්නේ නැහැ කියලා.  නමුත් අයවැය යෝජනාවලියේ  මාර්ග හදන්න විතරක් රුපියල් මිලියන පන්දාහක මුදලක් වෙන් කරල  තියෙනවා. එතකොට ඔබතුමා ඒ ප්‍රකාශ කරන්නේ මොකක්ද. ඒ මුදල  මවා පෑමක් ලෙස ඉදිරිපත් කළ එකක්ද.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා:

මාර්ග ඉදිකිරීම් වලට බිලියන එකසිය දහයක් ගෙවන්න තියෙනවා. ඒ අර්ථය තේරුම් ගන්න ඕන. ගෙවන්න තියන සල්ලි ගෙවල නැහැ තවම. ඉදිරි වෙන් කිරීම්වලට අවස්ථාව තිබිය යුතු නිසා එතන සංකේතවත්  වෝට් එකක් තියෙන්න ඕන.



අදහස් (3)

අයවැයෙන් මහාමාර්ගවලට සල්ලි වෙන්කිරීම මවාපෑමක්ද

චාන්දනී Friday, 18 November 2022 03:29 PM

එහෙම නොකළත් ජනතාවට පානීය ජලයත් නැතිවෙන ආකාරයට කරන තමුන්ගේ ගල් මෝල්වල ගල් විකුණන්නේ මොනවාටද?

:       0       6

Sunil Saturday, 19 November 2022 07:50 AM

ගෙවන්න ප්‍රමාණවත් මුදල් නොමැතිවද කොන්ත්‍රාත්කරුවන් ලවා වැඩ කරවගත්තේ. ඒ නිසා පවුල් කීයක් අසරණ වෙලාද? බිලියන 110 ක් යනු සුළු මුදලක් නොවේ.

:       0       0

චන්දන Saturday, 19 November 2022 08:13 AM

මාර්ග හදන්න කියල ලයිසන් ගන්නකොට 100 ගානෙ එකතු කරනව. ඒ සල්ලි දාලවත් බාගෙට ඉවර කරපු පාරවල් ඉවර කරපල්ල . නැත්නම් ඒ සල්ලි වලට මොකද කලේ කියල උසාවි ගිහිල්ලා හරි අපිට බේරා ගන්න වෙනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site