
(ඩයනා උදයංගනී)
අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අයවැයට විරුද්ධව ඡන්දයදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුම ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් පක්‍ෂයේ බලය අල්ලයිද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන කිසිම බයක් නොමැති අතර, ඕනෑම අයකුට පක්‍ෂයට ආ හැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයට පක්ෂ වූ ශ්‍රීලනිප ජාතික සංවිධායකට වැඩ වරදී
දාස Wednesday, 23 November 2022 02:07 PM
මේ තුන් ගොල්ලොම (පොහොට්ටුවො, සජබ, ශ්‍රීලනිප) එකම වල්ලෙ පොල්, මොවුන්ට මොන ප්‍රතිපත්තිද? ඇමැතිකමක් දෙනවා නම් මොවුන් යකාගෙ කටට වුණත් පනියි...!
චන්දන Wednesday, 23 November 2022 03:17 PM
දැන් පක්ෂයේ ඉතුරු වෙන්නේ මෛත්‍රීපාල විතරයිද?
[email protected] Wednesday, 23 November 2022 03:39 PM
විකල්පය.... සරත් ෆොන්සේකා, රංජන් රාමනායක = අලුත් රටක්...
ගමේ එකාලා Wednesday, 23 November 2022 05:41 PM
කිසිම ප්‍රතිපත්තියක් නැති, ආත්මාර්තකාමී දුෂිත දේශපාලුවන්? පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජාකරලා නටපු නාඩගම ලෝකෙම දැක්කානේ?
sam Thursday, 24 November 2022 07:20 AM
ඔය දුමියත් උගෙ අප්ප තැපැල් 90 අවස්ථාවාදී බර්ටියා වගේම තමයි. මූත් බලන්නෙම කල දුටුකල වල ඉහකන්ඩමයි. මුන්ව මයිනලත් එක්කම අතුගාලම දැමියයුතු කාලකණ්නි.