IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයියාගේ වියෝවෙන් කම්පාවට පත් නංගී ලය පැලී මරුට

(සුමිත් පොතුපිටිය)

තම සහෝදරයාගේ  හදිසි වියෝවට කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය ද ලය පැලී මිය යාමේ පුවතක්   කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියකු පපුවේ අමාරුවකින් පෙරේදා මියගොස් ඇති අතර , පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටී ඔහුගේ බාල සොයුරිය වන අගම්පොඩි රංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී  මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංග ගේ දියණිය පුතා, මස්සිනා සහ නැන්දා කම්පනය හේතුවෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක් ප්‍රකාශයකයෙක් පැවසීය .

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) මූලික පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

අයියාගේ වියෝවෙන් කම්පාවට පත් නංගී ලය පැලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site