අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙක විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය.
මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසි අටක් යටතේ 5KVA සිට 625KVA දක්වා ඉතා ආකර්ෂණීය මිලකට දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදීගත හැකිය.
Powerol විදුලි ජනන යන්ත්‍රවල එන්ජිම මහින්ද්‍ර නිෂ්පාදනයක් වන අතර, විදුලි නිෂ්පාදන ඒකකය සඳහා ලෝකප්‍රකට යුරෝපීය තාක්ෂණය සහිත ලෙරොයිසමා සන්නාමය භාවිත කරයි. ඊට අමතරව විදුලි පද්ධතියට සම්බන්ධ වන විදුලි පුවරු සඳහා ලොව පිළිගත් ඩීප්සී මොඩියුල් සන්නාමය භාවිත කරයි. මෙම විදුලි ජනන යන්ත්‍ර කාණ්ඩ දෙකක් යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. එනම්, පහසුවෙන් හැසිරවිය හැකි 5KVA සිංගල් පේස් පෝටබල් විදුලි ජනන යන්ත්‍ර කාණ්ඩය සහ 10KVA සිට 30KVA දක්වා සිංගල් පේස් හා 10KVA සිට 625KVA ත්‍රීපේස් විදුලි ජනන කාණ්ඩ සහිත වේ.
2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනන යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා බවට පත්විණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් මහින්ද්‍ර Powerol ශ්‍රී ලංකාවේ විදුලි ජනන යන්ත්‍ර වෙළෙඳපොළ තුළ ප්‍රධාන තැනක් උසුලමින් සිටී.
“මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර ඉන්දියානු කාණ්ඩයේ මෙරට ප්‍රමුඛයා බවට පසුගිය මූල්‍ය වර්ෂ තුනේම පිට පිටම පත්වී ඇති බව සතුටින් දැනුම් දෙමි. ඉතා කෙටි කලක් තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය අප හට ලබා ගැනීමට හැකි වූයේ අප විසින් ලබා දෙන අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාව නිසයි. ඒ වගේම ජාත්‍යන්තරව ලොව පුරා විදුලි ජනන පාරිභෝගිකයන් ආදරයෙන් වැළඳගත් සන්නාමයක් බවට ද මෙය පත් වී ඇත.
මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර සන්නිවේදන ප්‍රමුඛයන් කර්මාන්තශාලා, හෝටල්, බැංකු සහ වාහන සේවා ස්ථානවල පළමු තේරීම වන අතර අයිඩියල් මෝටර්ස්හි අපි විවිධ ස්ථානවලට ගැළපෙන විදුලි ජනන යන්ත්‍ර ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.” යැයි, අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මහින්ද්‍ර Powerol) ජානක කුලතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.
“මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියා කිරීමේදී අවම ශබ්ද පාලනයකින් යුක්ත වන අතර අවම ඉන්ධන පරිභෝජනයකින් ද සමන්විත ඉතා දිගු කල් පැවැත්මක් සහිත නිෂ්පාදනයක් වේ. ඉතා කෙටි කාලයක් තුළ මෙම විදුලි ජනන යන්ත්‍රය රට පුරා ජනප්‍රිය වීමට හේතුව අයිඩියල් මෝටර්ස් විසින් පිරිනමනු ලබන අලෙවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවාව හේතු කොටගෙන බව මනාව පැහැදිලි වේ. පාරිභෝගිකයන්ගේ පහසුව අපගේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා ස්ථාන 15ක් මගින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පාරිභෝගික අවශ්‍යතාව මත අවශ්‍ය සේවා ඉතා සාධාරණ මිලකට ලබාගත හැකිය. පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම Powerol විදුලි ජනන යන්ත්‍ර සම්බන්ධයෙන් අලුත්වැඩියා සේවාව ගැන හෝ අමතර කොටස් ගැන කාලය හා අනවශ්‍ය මුදල් නාස්ති කිරීමක් අවශ්‍ය නොවන අතර අයිඩියල් මෝටර්ස් අප සෑම විටම පාරිභෝගික සෞභාග්‍යය සහතික කරනවා.” යැයි ජානක කුලතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මහින්ද්‍ර Powerol) ජානක කුලතුංග මහතා සහ ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ Powerol අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (Asia & NZ) විජේ දුත්තා මහතා විසින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාන ආයතනවල නිලධාරියකු වෙත මහින්ද්‍ර Powerolවිදුලි ජනන යන්ත්‍ර බාර දෙනු ලැබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානි කසුන් ප්‍රනාන්දු සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකරු දිනේෂ් මානගේ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
595
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අයිඩියල් වෙතින් නවලෝක උසස් අධ්‍යාපන ආයතන දෙකකට මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර