
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිටදී ඝාතනය කෙරුණු මාලු ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තිදෙනකු අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කීවේය.
සැකකරුවන් තිදෙනා අතර කාන්තාවක් ද සිටින බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ඉදිරිපිටදී ඉකුත් 4 වැනිදා පෙරවරුවේ 10.21ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගියේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂ විතාන මිරන්ත නමැති පනස් හතර හැවිරිදි මාලු වයාපාරිකයෙකි.
රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් මේ ඝාතනය සිදු කොට පලා ගිය බවත් එම ඝාතනය සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනාව මත කාන්තාව ඇතුලු සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
ඝාතකයන්ට මෝටර් රථය සැපයූ පුද්ගලයා කොළඹින්ද ඝාතනයවූ මාලු ව්‍යාපාරිකයා ගැන ඔත්තු බැලුවේ යයි සැකකාරිය කොස්ගොඩින් ද අනෙක් සැකකරු වතුගෙදරින් ද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
437
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්බලන්ගොඩ මාලු ව්‍යාපාරික ඝාතනයට තුනක් සැකපිට