IMG-LOGO

2023 සැප්තැම්බර් මස 29 වන සිකුරාදා


අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි

(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.

නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.

මේ ආකාරයටම ඊයේ(25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු ඉලක්ක කරමින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.

ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර් ඇති බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු වෙඩි තමා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී තමන් ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.

 



අදහස් (16)

අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි

De Silva Friday, 26 May 2023 08:31 AM

දකුනේ සිංහල බෞද්ධයන් සමග සෙල්ලම් නෑ පුතෝ....

:       79       39

SamFriday, 26 May 2023 10:59 AM

හෙළ බුද්ධ සාසනය මිනිස්සුන්ගේ ආචාරධර්ම උපරිමයෙන් ගොඩනඟලා ඉවරවෙලා දැන් ආර්ථිකය සහ දේශපාලනය ගොඩ දාන්න හදන්නේ.

:       81       36

dakune apiFriday, 02 June 2023 12:02 PM

සිල්වා කෙනෙක්දැයි අපිට අදාළ නොවේ...

:       0       0

ලුම්බිණි Friday, 26 May 2023 08:35 AM

පාතාල නායකයාගේ බෑනණුවන් නියෝජ්‍ය විදුහල්පති. ලංකාවේ පමණයි.

:       95       58

SenakaFriday, 26 May 2023 10:17 AM

පවුලේ මොකෙක් හරි බූරුවෙක් පාතාලයෙක් උනා කියලා පවුලේ හැමෝම වෙඩි කන්න ඕනද. ලුම්බිණි තමුන් වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද?

:       18       100

ගජන් Friday, 26 May 2023 01:05 PM

විදුහලක විදුහල්පති වේවා, නියෝජ්‍ය විදුහල්පති වේවා, ගුරුවරු වේවා ඔවුන් විනයක් ඇතිව සිටිය යුතු පිරිසක් වෙනවා ඇත්තටම එහෙම කෙනෙක් පාසලක සේවයේ තැබීම සුදුසු නැහැ. ඩිස්ලයික් දමා තිබුණත් ලුම්බිණි කියන්නේ සහතික ඇත්ත මම හිතන්නේ සේනකත් පාතාලයට ගෑවිලාවත් ඇති කියලා තමයි...

:       60       20

SenakaFriday, 26 May 2023 02:01 PM

අපේ රටේ කාටහරි කරදරයක් වුණාමත් එයාට කතන්දර හදන කුණුගතිය ලංකාවේ අයට කොහොමත් තියෙනවා ගජන්. ගුරුවරයෙක්ගේ අගයක් දන්නේ නැති, කෙලෙහි ගුණයක් නැති අයට ඔහොම කතා කියන්න පුළුවන්... වුණාට ඉස්කෝලේ ගියපු මිනිහෙක් දන්නවා පාතාල කෙරුවාවෙන් නියෝජ්‍ය විදුහල්පති වෙන්න බෑ කියලා. මට නම් පාතාල සම්බන්ධකම් නෑ. හැබැයි තමුන්නැහැලා 2 නම් වෙඩික්කරුවගේ නෑදෑයින් වගෙයි...

:       9       47

නිහාල් Friday, 26 May 2023 10:15 AM

මේ රට මෙහෙම තියනවා පුදුමයි

:       1       38

Kuma Friday, 26 May 2023 10:22 AM

අරගලයේ හිටිය විදුහල්පති කෙනෙක් කියලා ලියන්න අමතක වෙලා.

:       53       39

ගාමිණී Friday, 26 May 2023 11:39 AM

ඔය තුවක්කු කොහෙන්ද? ඕවා... හොයන්න ඇයි පොලිසිය උනන්දු වෙන්නේ නැත්තේ...? ඕවා අරගෙන පාරේ යනකොට අහුවෙන්නේ නැත්තේ අයියේ. ඉඳිකට්ටක් කට්ටක් නෙමෙයි නේ. දකුණම ලොක්ඩවුන් කරලා චෙක් කෙරුවානම් පාතාලේ බාගයක් අඩුවෙනවා.

:       11       22

කිරිපුතා Friday, 26 May 2023 11:53 AM

පොලිසියෙන් අල්ලන පාතාලයින්, කුඩු කාරයින්, දූෂකයින්, මිනීමරුවන් උසාවියෙන් නිදහස් වෙනවා. ඔවුන් නැවත සමාජගතවෙලා සුපුරුදු දේම කරනවා. සමාජය හැම දෙයක්ම තමතම පටු දේශපාලනික සහ ආගමික මත මත හිඳගෙන ඒ වැරැදි විනිශ්චය කරන්න යනවා. තද නීති ඇවිත් ඒවා හොඳින් ක්‍රියාත්මක වන පරිසරයක් ආවොත් පමණක් රට යහමගට යාවි. නැත්නම් එන්න එන්නම පිරිහීම කරායනවා..

:       2       75

Nimal Ambalangoda Friday, 26 May 2023 02:16 PM

මේ වෙඩිකාපු නියෝජ්‍ය විදුහල්පති කියන අය මීට පෙර සිදුවීම් සඳහා සිරගතව සිට ඇප මත සිටින අයෙක්... ධර්මාශෝකයේ වර්තමාන විදුහල්පතිගේ නොමනා ක්‍රියාවන්ට සහාය ලබාගැනීමට මේ තැනැත්තා පාසැලට කැඳවාගෙන දරුවන්ගේ විනය පාලක තනතුරට ඔහු පත්කරලා තියනවා​...

:       43       16

prasanna Friday, 26 May 2023 03:07 PM

dan nam lankawe araksa wela jeewath wenna kata punchek ganna wenawa.

:       0       4

Bunny Preena Friday, 26 May 2023 03:59 PM

රටකට ගිය කලක්...!

:       0       13

ගාමිණී Sunday, 28 May 2023 07:30 AM

විනය පාලකගේ විනය අය්යෝ. විනය පාලක සිරගතව සිට නිදහස ලැබූ කෙනෙකි.මේ වගේ වගේ නි : විදුහල්පති වරු ඉන්න ඉස්කෝල වල ළමයි ගැන කවර කතාද. ළමයි විතරක් නෙමෙයි විදුහල්පති වරුන්ගේත් විනය අන්තිමයි.

:       1       1

sampath Tuesday, 30 May 2023 08:44 PM

විනය හදන්න දෙන්න ඕනේ එහෙම අය තමයි.දැන් දකුණ නිකම් චිකාගෝවක් වගේ වෙලා. පොලිසියට බැරි නම් එස්.ටී.එෆ් එකට භාර දීලා මේවා ඉක්මනින් අවසන් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන අදහස් විමසයි
2023 සැප්තැම්බර් මස 29 7 0

ලංකා විදුලිබල මණ්ඩලය ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ලිඛිත අදහස් ඔක්ටෝබර් මස 18 වැනිදා දක්


මහාචාර්ය සේනක බිබිලේ සමරති
2023 සැප්තැම්බර් මස 29 58 0

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 46 වන ගුණ සැමරු උත්සවය කොළඹ ටොරින්ටන්හි පිහිටි ඒ මහතාගේ ස්මාරකය අසළදී අද (29) පෙරවරුවේ පැ


කෙලී ආරක්ෂිතව ගෙන්වා ගන්නවා
2023 සැප්තැම්බර් මස 29 950 0

මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට


පාකිස්ථානයේ පිපිරීමකින් 52 ක් මරුට
2023 සැප්තැම්බර් මස 29 341 0

පාකිස්තානයේ සිදු වූ පිපිරීමකින් 52 දෙදෙනකු මිය ගොස් තවත් 130 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.


ආබාධිතයන් සඳහා වෙනම පාර්ලිමේන්තු සංසදයක්
2023 සැප්තැම්බර් මස 29 97 0

මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබී


ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති
2023 සැප්තැම්බර් මස 29 309 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1987 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 759 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 434 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site