IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්පිටියේ සුමන හිමිට ඇප

(රෝෂන් තුෂාර)


ජාතීන් අතර සාමය හා සංහිඳියාව නැති වී  වෛරය දනවන ආන්දෝලනාත්මක ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ   කළේ යැයි  අධි චෝදනා ලද අම්පිටියේ සුමන හිමි ඇප මත මුදා හැරීමට මඩකලපුව  මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්‍රභාකරන් මහතා  (17)නියෝග කළේය.

ජාතින් අතර  සංහිඳියාව නැති වී වෛරය හා අනවබෝධය ඇතිවන ආකාරයේ  ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රකාශ 2023 ඔක්තෝබර් මස 25 දින මාධ්‍ය ඉදිරියේ සිදු කරමින්   සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයි සි සි පි ආර්) උල්ලංඝනය  කර දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට  අධි චෝදනා හයක් යටතේ නීතිපතිවරයා පැවරු නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම ඇප නියම කළේය.

පසුගියදා( නොවැම්බර් 14 )නඩුව කැඳවූ අවස්ථාවේදී  අධිකරණයේ පෙනී සිටි නොසිටීම හේතුවෙන් වරෙන්තු ලද විත්තිකරු ඊයේ දිනයේදී අධිකරණය පෙනී සිටීමෙන් පසුව අධි චෝදනා පත්‍ර භාර දුන් අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට මහාධිකරණය විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද විත්තිකරුට නියම කළේය.

 

 



අදහස් (0)

අම්පිටියේ සුමන හිමිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site