(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් අමාත්‍ය ධුරයට අයත් රාජකාරි වලින්  ඉල්ලා අස්වන බව දන්වමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.

ඉදිරියේ දී තවත් අමාත්‍ය ධුර පත් කිරීමට  ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 මහින්ද අමරවීර මහතා තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙහි කටයුතු උසුලනු ලබයි.