IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටි 100ක් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙවන ලෙසත් ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එන්තර වාසියක් අද (25) යොමු කර ඇත.

අමරවීර මහතාගේ ප්‍රකාශය මගින් සිදුවූ අපහාසයට දින දාහතරක් ඇතුළත වන්දි නොගෙවන්නේ නම් නඩු පවරන බව ද එහි සඳහන් කර ඇත.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් යොමු කළ එම එන්තරවාසියේ මෙසේද සඳහන් වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 50කට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධූරය හොබවන ලද අයෙක් වෙයි. මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගණනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කළ දැවැන්ත ම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි.

2024 අප්‍රේල් 22 වැනිදා ප්‍රසිද්ධ මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව මාගේ සේවාදායකයාට අපකීර්තියක් අපහාසයක් සිදුව ඇත.

 



අදහස් (4)

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටි 100ක් ඉල්ලයි

Kazi Shajahan Friday, 26 April 2024 09:32 AM

දෙන්නටම ලැජ්ජාවක් නැහැ ,හෙට සිරිසේන ජනාධිපති වෙලා කැබිනට් එකක් හැදුවත් අමරවීර ට ඇමතිකමක් ෂුවර් එකට දෙනවා

:       0       9

අබිලින් Friday, 26 April 2024 01:10 PM

පසුගිය කාලයේ නඩු තීන්දුවක් අනුව හිටං උන්නැහේට කෝටි ගණනක් ගෙවන්න නියම කළා වගේ මතකයි. ඒක ගෙවූ බවක් නම් මතකයේ නැහැ ඉතින් ඒකවත් ගෙවන්න අදහසක් පහළ වුණාද අහන්න වෙනවා...!

:       0       3

HafeelFriday, 26 April 2024 02:30 PM

එක්තරා YouTube නාලිකාවකදී පැවැති වැඩ සටහනකින් කියැවුණා... ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් එම දඩ මුදලින් කොටසක් දුන්නා... කියලා. හිටං අදටත් එක ප්‍රතික්ෂේප කරලාත් නැහැ...

:       0       3

Hafeel Friday, 26 April 2024 02:26 PM

මෙයාට කීර්ති නාමයක් තිබුණා නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site