IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අමරවීරගෙන් මෛත්‍රීට සැර ලිපියක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට  (30) පස්වරුවේ  කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දන්වා තිබේ.

තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ තමා හෙයින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ව්‍යවස්ථාව අනුව  රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ තමාට බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට රැස්වීමක් කැඳවීමට කිසිදු බලයක් නැති බවත් මහින්ද අමරවීර මහතා එම ලිපියෙන් සඳහන් කරයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවා ඇති රැස්වීම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රැස්වීමක් බවත් මෙම තත්ත්වය නිවැරදි කිරීමට වහාම පියවර ගෙන රැස්වීම අවලංගු කරන ලෙසත් මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටී.

රැස්වීම අවලංගු නොකළහොත් ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රැස්වීමක් කැඳවීම  පිළිබඳ නීති ක්‍රියාමාර්ග ගන්නා බවද මහින්ද අමරවීර මහතා එම ලිපියෙන් අවධාරණය කරයි.



අදහස් (1)

අමරවීරගෙන් මෛත්‍රීට සැර ලිපියක්

තරංග Tuesday, 29 November 2022 09:06 PM

බලහල්ලොකො ඉතින් මුන්ට තියෙන ප්‍රශ්න . දැනට අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙකට තමා මේ උත්තර හොයන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site