IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අමරදේව අසපුවට ප්‍රතිපාදන වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයෙහි (අමරදේව අසපුව) ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීම සඳහා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පර්චස් 100ක ඉඩම් කොටසක් වෙන් කර දී තිබේ.

අමරදේව අසපුවේ දෙවන අදියරේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 21.745 ක් ද අවසන් අදියරේ වැඩ අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 179.436ක් ද අවශ්‍ය බවට උපදේශන ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්‌යාංශය විසින් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත. 

එමෙන්ම, වැඩ අවසන් කිරීමෙන් පසු කාර්යාල කටයුතු පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම පිණිස තවත් රුපියල් මිලියන 20 ක් පමණ අවශ්‍ය බවත් පෙන්වා දී ඇත. ඒ අනුව, අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එහි කාර්යාල කටයුතු පවත්වා ගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අමරදේව අසපුවට ප්‍රතිපාදන වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site