IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අම්මා ළිඳට විසි කළ දැරිය පාසල් සිසුහු බේරාගනිති

( එම්.සුසිල් ප්‍රියන්ත)

මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා  සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දියණියකි.

ළිදට වැටී දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.

නිවසේ ඇති පශ්නවලට උරණවූ මේ මව සිය දියණිය අද (19)උදේ ළිදට විසිකර ඇයත් ළිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බවද පොලීසිය කියයි.

ලිද තුළ සිටි කුඩා දරුවකු කෑගසනු ඇහුණු චාමික ලක්ශාන් හා රොෂාන් කුමාර යන පාසල් සිසුන් දෙදෙනා ළිදට පැන මේ දියණිය බේරාගත් බවද පොලීසිය කියයි

මේ සිසුන් දෙදෙනාම කරන්දෙණිය බන්දුල සේනාධීර විදයාලයේ ඉහෙනුම ලබන බවද පොලීසිය කියයි.

සිගිති දියණිය ළිදට දැමූ මව සැකපිට පුශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් ඇල්ගිරියහේ අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉරාන් යන මහත්වරු මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

රොෂාන් කුමාර

චාමික ලක්ෂාන්

 



අදහස් (9)

අම්මා ළිඳට විසි කළ දැරිය පාසල් සිසුහු බේරාගනිති

Bamunuarachchi Tuesday, 19 July 2022 06:09 PM

මෙන්න ළමයි. අනුන්ගේ විපතේදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ජන්මයෙන් එන ගතියක්. ඔබ දෙදෙනාට මගේ ප්‍රණාමය...!

:       2       155

සම්න් විමලධර්ම Tuesday, 19 July 2022 06:25 PM

ආදර්ශමත් දරුවන් දෙන්නෙක්... බුදුසරණ වේවා...! 

:       0       0

Dil Perera Tuesday, 19 July 2022 06:42 PM

අරගලකරුවනේ, මෙන්න අවංක උත්සාහයක් සමාජයට උදව් කරන්න. චාමික සහ රොෂාන් පුතුනේ.. නුඹලගේ මේ උතුම් ගති, විශ්ව විද්‍යාලයට ගිය දවසකත් ඒ අයුරින්ම කරන්න.

:       5       92

BamunuarachchiWednesday, 20 July 2022 07:27 AM

විශ්ව විද්‍යාලයට ගියාට පාහර ජෙප්පන්ට අන්තරේ අයට එකතුවෙලා අපෙන් ලබාගත්ත ආදරය නැතිකර ගන්න එපා...!

:       0       0

රෝහිත සමරකෝන් Tuesday, 19 July 2022 07:11 PM

උතුම් දෙමව්පියන්ගේ ගුණ යහපත් දරුවෝ දෙන්නෙක්...

:       0       0

Dasa P Tuesday, 19 July 2022 09:12 PM

පින් ඇති පුතුන් දෙන්නෙක්.. නුඹලාට ජය...!

:       0       0

Ruwan R Tuesday, 19 July 2022 10:03 PM

නියම වීරයින් දෙදෙනෙක්. මනුශ්‍යත්වයේ නාමයෙන් ඔබලාට සහ හැදු වැඩූ දෙමාපියන්ටත් පින්.. ජනාධිපති සම්මානයෙන් ඇගයිය යුතුයි.

:       0       0

Lelwala Wednesday, 20 July 2022 06:17 AM

අනාගතයේ රටට වැඩදායික ළමුන්... දෙන්නෙක්...!

:       0       0

jayath Wednesday, 20 July 2022 10:05 AM

මේ දරුවෝ දෙන්න කරලා තියන ක්‍රියාව නම් අති උතුම් නමුත් මෙතන ඒ ගොල්ලන් දැනුවත් නැති උනාට බරපතල ජීවිත අවදානමක් තියනවා මොකද සමහරවෙලාවට මේ වගේ ගැඹුරු ලින් වල පතුලේ ඔක්සිජන් අඩුයි ( අඩු ගනනේ කන්නවත් ඔක්සිජන් නැහැ !!!!) එහෙම උනොත් ගලවගන්න ගිය උදවියගේත් ජීවිත අනතුරේ ඒ ගැන මුලින්ම හිතන්න ඕන එක පාරටම මෙහෙම තැන වලට බහින්නේ නැතුව මේක දැනුවත් කිරීමක් මිසක අර ක්‍රියාව අවතක්සේරු කිරීමක් නෙමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site