IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි

(ඩයනා උදයංගනී)

අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට  උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් සහ මානව සම්පත් යොදාගනිමින් අමතර ප්‍රතිපාදන වැයකිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක අගනගර මහනගර සභා බවට පත්කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, ඒ අනුව එම නගරයන්හි සංවර්ධන කටයුතු කාර්යක්‍ෂමව හා කඩිනමින් කළ හැකි පරිදි මෙම පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම සියලු ප්‍රාදේශීය සභා නගර සභා බවට පත්කළ හැකිදැයි කරුණු අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

දියුණු රටවල නගර සභා බොහෝ කාර්යයන් කරන බැවින් ඒ බව ද සැලකිල්ලට ගෙන විදුවවත් කමිටු සමඟ ද සාකච්ඡා කර රට පුරා නගර සභා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ කරුණු සොයන ලෙස ජනාධිපතියවරයා කැබිිනට් මණ්ඩලයට ද දැනුම් දුන් බව කී ඇමතිවරයා ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේදී ගනු ඇතැයි ද පැවසීය.  



අදහස් (0)

අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site