අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.
සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන සහ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් පසුගියදා මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. එම අවස්ථාවට අමානා බැංකුව වෙනුවෙන් එහි උපසභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් සහ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර් යන මහත්වරුන්ද, සිංගර් පී එල් සී වෙනුවෙන් එහි විකුණුම් අධ්‍යක්ෂ වජිර තෙන්නකෝන්, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ කපිල පෙරේරා, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වරුණ වික්‍රමසිංහ, අලෙවි කළමනාකරු පියුම් ජයතිලක සහ සහකාර මෙහෙයුම් කළමනාකරු මනෝජ් රූපසිංහ යන මහත්වරුද සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ උපසභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ ‘‘සිද්දීක් අක්බාර් මහතා මෙසේ තම අදහස් දැක්වී ය. ‘සිංගර් යනු ශ්‍රී ලංකාවේ සැම දෙනාගේම විශ්වාසය දිනූ සන්නාමයක් බැවින් සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ මෙහෙවර වන ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන්නට සමගාමීව, සැම දෙනාටම තිරසාර බලශක්ති විසඳුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබේවි. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට තම බලශක්ති පරිභෝජනය සඳහා වැය වන වියදම් අවම කරගනිමින්, වඩාත් තිරසාර ලෝකයක් බිහිකිරීම සඳහා දායක වීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්’’.
595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අමානා බැංකුව සිංගර් සමූහය එකතුවෙන් සූරිය බලශක්ති පද්ධතිවලට මූල්‍ය පහසුකම්