
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි.
ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය තුළ සිටී.ලොව හොඳම හෝටල් 50 ට ඇතුළත් වූ හෝටල් වෙත සුබ පැතුම් එක් කරමින් එම ඇකඩමිය ප්‍රකාශ කර ඇත්තේ සංචාරය කිරීමට ප්‍රිය කරන්නන්ට ඔවුන්ගේ ඊළඟ සංචාරයේදී අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට මෙම ලැයිස්තුව උපකාරී වනු ඇති බවයි.
මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඉතාලියේ පැසලක්වා හෝටලය හිමිකරගෙන ඇති අතර දෙවන සහ තුන්වන ස්ථානය පිළිවෙලින් රෝස්වුඩ් හොංග් කොංග් සහ බැංකොක් නුවර චාඕ පර්යා ගංගාව අසල පිහිටි ෆෝර් සීසන් හෝටලය හිමිකරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමන්ගල්ල හෝටලයට ලෝකයෙන්ම ලොකු තැනක්
ද සිල්වා Thursday, 21 September 2023 06:11 PM
අපි පහුගිය ජනවාරියේදී මේ හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ගියා. හොඳ ගානක් වැය වුණා. කිසිම රසක් නැති අහාර වේලකි. ඊට වඩා හොඳයි සයිවර් කඩේකින් කෑම කෑවා නම් සිතුණා...
Chathuri Thursday, 21 September 2023 06:47 PM
මොලයක් නැති රට පාලනය කරන, ගොන්ටලා එලෙව්වා නම්... අපේ රට හැම අතින්ම අංක එකට ගන්න පුළුවන්... දැන් අංක එකට ඉන්නේ... ණයට කන්නයි..., දේපල විකුණන්නයි. මුදල් හොරා කන්නයි...