IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ

(ඩයනා උදයංගනී)

අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය  කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 එම ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක පරිදි  නිකුත් කර ඇත.

ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර තිබේ.

ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර ඇත.

විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතිනක හා නෛතික රාමුව මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මෙමගින් සංශෝධනය කර තිබේ.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

 



අදහස් (13)

අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ

සදිසා Thursday, 18 November 2021 12:11 PM

ඒකත් නුදුරේදීම රිවස් යයිද දන්නෑ.

:       3       33

Hafeel Thursday, 18 November 2021 12:57 PM

හිස කැක්කුමට කොට්ට මාරුකරනව වගේ. ගැසට් නිකුත් කරනවා, ආපහු අවලංගු කරනවා, සංශෝදන කරනවා.

:       4       36

chandani Thursday, 18 November 2021 02:46 PM

හොඳටම තදවෙලා.

:       0       2

kapila Thursday, 18 November 2021 03:37 PM

ඔය මොනා මාරු කරත් වෑඩක් නෑ ඕවා බාරව ඉන්න හෑට පෑනපු ඈමතියයි, නියෝජ්ය ඈමතිලයි, කොන්ද පන නැති නිලදාරියොයි, යල් පෑනපු අදහස් තීයෙන ලේකම්ලයි, හෑම තිස්සෙම වර්ජනය තර්ජනය උපවාස අපහාස හිතේ තියාගෙන ඉන්න අයිස් ගහන සේවකයො සෙට් එකයි මාරු කරන්නේ නෑතුව. අලුත් අදහස්, අලුත් ක්‍රියාමාර්ග, සේවක අතිරික්ත අඩු කරලා, ඩිජිටල් කරනය කරලා තමයි මේව හදන්න පුලුවන්.. ඉන්න පබයන්ගේ ඈදුම මාරූ කරලා හරි යන්නෙ නෑ

:       0       2

Nuwan Thursday, 18 November 2021 04:05 PM

මොනවා රාමු කලත් අවසාන ප්‍රතිපලය මුදල් කාබාසිනියා වැඩක්.

:       0       1

Robotech Thursday, 18 November 2021 04:17 PM

එහි නම්, නීති රීති සහ නීති වෙනස් කිරීම තේරුමක් නැත. නිවැරදි පුද්ගලයන් බඳවා ගන්න. මුලින්ම බලන්න ඔබේ යටතේ අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතන වැඩ කරන අය ගැන.

:       0       1

Nuwa Thursday, 18 November 2021 04:54 PM

එක්කො මේ නිව්ස් එක හෙටම බලනවා. හෙටනේ රිවස් ගැසට් එක එන්නෙ....

:       0       2

ගමේ එකාලා Thursday, 18 November 2021 04:58 PM

මෙහෙම ගැසට් ගැහිලි ආණ්ඩුවක් අපි මේ දැක්කමයි .

:       0       2

රචිත Thursday, 18 November 2021 04:59 PM

තමන්ගෙ වාසියට මොනවහරි හදාගෙන ඇති. කොහොම වුණත් මේව ගැන හොඳට දැනුවත් වෙන්න ඕන ගැඹුරින්, මෙයාලව තුට්ටුවකට විශ්වාස නෑ

:       0       2

K Perera Thursday, 18 November 2021 05:28 PM

මේවා විසඳුම් නෙමේ,මොනවා කෙරුවත් ඔබත් ෆේල් මේ ආණ්ඩුවත් ෆේල්

:       0       2

Demuni Uduwara Thursday, 18 November 2021 08:11 PM

ආපසු හැරවීම ආසන්නයි, පුරුද්දක් ලෙස!

:       0       2

Raveendra Thursday, 18 November 2021 09:01 PM

අප රටේ පුරවැසියන් වැඩිම වැඩි පිරිසක්( සියලුම පක්ෂවල දේශපාලුවන් ඇතුළුව) පට්ට හොරුන් නිසා ටයිටේනියම් වලින් රාමු හැදුවත් වැඩක් නැත. හොදින් මධ්‍යස්තව රටේ දේශපාලනය දෙස කිසිවෙකු තම නෙත් යොමු කරන්නේ නම් බලයේ ඉන්න "හරකුන්" සහ උන්ගේ අනුගාමිකයන් බලන්නේ කෙසේ හෝ බලය රැකගෙන හොරා කෑමටය . බලය නැති "මීහරකුන්" තම අනුගාමිකයන් සමග අර උද්ගෝෂණ මේ වැඩවර්ජන කරන්නේ උන්ටත් හොරාකන්න අවස්තාව සලසා ගැනුමට නොවේද...????

:       0       0

sampath Thursday, 18 November 2021 09:36 PM

මේක පැහැදිලි මදි .මොකද්ද වෙන්නේ කියලා කෙසේ උනත් යම් සංශෝධනයක් කරනවා නම් ඒ සම්බන්ද මහජන කතිකාවතක් ඇති වීමෙන් පසු එය ක්‍රියාත්මක උනොත් වැඩි ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් .ඒ වගේම මේක සංකීර්ණ වැඩි සරල රාමුවකට ඇතුලත් කර ගැනීමට ක්‍රම වේදයක් අවශ්‍යයි .අනෙක් අතට ව්‍යුහාත්මක වෙනසක් සියලුම ආයතන වලට අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 97 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 598 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3816 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1898 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 919 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1087 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 908 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 364 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site