IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අභ්‍යවකාශයේ අතුරුදන් තක්කාලි ගෙඩි හමුවෙලා

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින් පෘථිවි කක්ෂයේය. මාරුවෙන් මාරුවට ගගනගාමීන් මෙහි ගොස් රැඳී සිටින්නේ විවිධාකාරයේ පර්යේෂණ සිදු කරමින් සහ නැවැතුම්පොළේ නඩත්තු කටයුතු සිදු කරමිණි.

2022 දී නාසා ගගනගාමී රූබියෝ දින 371 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේය. එම කාලයේ ඔහු නැවැතුම්පොළේ පර්යේෂණාගාරයක, පස් භාවිතයට නොගනිමින් තක්කාලි වගාවක් ආරම්භ කළේය. පස් නොමැතිව බෝග වගා කිරීමේ ක්‍රමවේදය හැඳින්වෙන්නේ එක්ස් රූට්ස් යනුවෙනි.

අභ්‍යවකාශයේ පළමු තක්කාලි වගාව ලෙස ද රූබියෝගේ මෙම තක්කාලි වගාව සැලකෙයි. තක්කාලි ගසේ ගෙඩි හටගත් අවස්ථාවේදී, අභ්‍යවකාශයේ හටගත් පළමු තක්කාලි ගෙඩි ලෙස ඒවාට ලොකු ප්‍රසිද්ධියක් ද හිමිවිය.

එදා ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් නෙලාගත් රූබියෝ, ඒවා ප්ලාස්ටික් මල්ලකට දමා සීල් කර, තවත් කටයුත්තක නියැලී ආපසු පැමිණෙද්දී, පර්යේෂණාගාරයෙන් එම තක්කාලි ගෙඩි අතුරුදන් වී තිබුණි.

ශුන්‍ය ගුරුත්වය හේතුවෙන් ඒවා පාවී පර්යේෂණාගාරයේ බඩු මුට්ටු අතරේ සැඟවෙන්න ඇතැයි සිතා රූබියෝ දින ගණනක් ඒවා සොයන්න විය. ඒත් හමුවූයේ නැත.

කෙසේ නමුත් රූබියෝට චෝදනා එල්ල වන්න වූයේ තක්කාලි ගෙඩි දෙක ඔහු කෑමට ගන්න ඇතැයි කියාය. රූබියෝ තරයේ එය ප්‍රතික්ෂේප කරන්න විය. රූබියෝ යළි පෘථිවිය පැමිණියේ ද චෝදනාවට ලක් වී සිත් තැවුලෙනි.

ප්ලාස්ටික් මල්ල තුළ වියලුණ් තක්කාලි ගෙඩි දෙක වසරකට පසු පසුගිය දිනෙක මේ වනවිට අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන්ට හමුවී තිබුණි. නාසා ආයතනය ඒ බව දැනුම් දුන්නේ, රූබියෝගේ නිර්දෝෂීභාවය ඔප්පු කරමිණි.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (8)

අභ්‍යවකාශයේ අතුරුදන් තක්කාලි ගෙඩි හමුවෙලා

සරත් කුමාර Monday, 18 December 2023 12:44 PM

නාසා එකෙත් පිස්සු විකාර කාරයෝ ඉන්නවාද? තක්කලි දෙකක් නෑ කියලා චෝදනා කරන්ඩ? අනික ඒක කෑවයි කියමුකෝ.. ඉතින් ඒක හිටවපු මනුස්සයාමනේ කාලා තියෙන්නේ.. ඉතිං මොකද.. මළ විකාර..!

:       6       17

ගමේ එකාලා Monday, 18 December 2023 01:43 PM

මැදමූලනේ ගගනගාමියා යවපු රොකට් එක වැටිච්චි තැන ගැන ඔය වගේ ආරන්චියක් නැද්ද?

:       4       22

Dasa PMonday, 18 December 2023 08:54 PM

රොකට් එක මොනවා වුණත්, කුණු තක්කලි දැක්කාම මැදමූලන සීයාව මතක් වුණා...

:       0       2

Nimal Monday, 18 December 2023 03:19 PM

මීටර 400ක් උඩින් කිව්වාම, ප්ලේන්වල එහෙම හප්පන්නේ නැද්ද? කිලෝමීටර 400ක් නේද?

:       0       0

prabash Monday, 18 December 2023 05:31 PM

ලංකාවේ තක්කලි අභ්‍යාවකාශයෙන් ගේන ඒවා තරමටම මිල අධිකයි.

:       0       0

සමල්ක පෙරේරා Tuesday, 19 December 2023 12:09 AM

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින්...ඒ කිය්න්නේ අඩ් 1400ක් වගේ.මම හිතන්නේ වැරදි Data එකක් වගේ.මොකද 11,000

:       1       2

සමල්ක පෙරේරා Tuesday, 19 December 2023 12:12 AM

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින්,ඒ කියන්නේ අඩි 1400ක් වගේ.මම හිතන්නේ වැරදි දත්තයක් වගේ. සාමාන්‍ය passenger flight යනවා මීටර් 11000 වගේ උඩීන්

:       1       1

Buddhika Tuesday, 19 December 2023 05:44 AM

නාසා එකේ රාජපක්ස කෙනෙක් හිටියේ නම්.මොන තක්කලිද.එහෙනම් නාසා එකෙම අතුරුදහන් .පේනවා නේ එකෙක් රොකට් එකක් යැව්වා .කොහෙද කියලා තාමත් හොයනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site