IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අභිනව නා හිමිට ජුම්මා පල්ලියෙන් උපහාර

(නිමල් ප්‍රේමචන්ද්‍ර)

මල්වතු මහා විහාර පර්ශවයේ සත් කෝරලේ මහ දිසාවේ අභිනව උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කඩවලගෙදර  විමලරත්න නා හිමියනට මඩිහේ මිදියාල ජුම්මා මුස්ලිම් පල්ලියේදී මවුලවි තුමෝ ඇතුළු පිරිසක්  උපහාරය පුද කළහ.

අභිනව නා හිමියන් පළිගැනීම සඳහා වදුරැස්ස  බෝධිරුක්ඛාරාම දායක සභාව සංවිධාන කළ උපහාර උත්සවයක සහභාගීව සඳහා  හුණුගම හන්දියේ සිට පෙරහරකින් පා ගමනින් වැඩම කරන අතරතුර විමලරත්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මිදියාවල ජුම්මා මුස්ලිම් පලිය අසලින් ගමන් ගන්ද්දී ඒ.බී. අම්ජාඩ් මවුලවි තුමන් සහ හිටපු ග්‍රාම නිලධාරී එච්.එම් අබුබකර් මහතා ඇතුළු මඩිහේ මිදියාල ගම්මානය පිරිස් නාහිමියන් නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට  පල්ලියට වැඩම කරන ලෙස ආරාධනා කර පිළිගෙන පසුව ගිලන් පස ද පුජා කළේය. 

කොළඹගම මියුගුණාරාම රාජමහා විහාරාධිපති වාරියපෙළ ශ්‍රී සුමංගල  පිරිවෙන් හිටපු පරිවේණාධිපති කඩවලගෙදර  විමලරත්න නා හිමියන් හුණුගම හන්දියේ සිට වදුරැස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහරස්ථානයට පෙරහරින් ගමන් කරන මාර්ගය ද දෙපස බෞද්ධ කොඩිවලින් සැරසීමට මඩිහේ මිදියාල මුස්ලිම් ජනතාවට දායකත්වය දරා ඇත.

 



අදහස් (7)

අභිනව නා හිමිට ජුම්මා පල්ලියෙන් උපහාර

Dinesh Tuesday, 01 August 2023 09:17 PM

ආගමික සහජීවනය... හැබැයි මෙහෙම අවංකව සමගියෙන් හිටියොත් දේශපාලුවන්ට පැවැත්වක් නැහැ.

:       0       5

Upul Wednesday, 02 August 2023 06:22 AM

රැවුල කොණ්ඩය වවාගෙන ඉන්න කෙනා කවුද?

:       0       1

Handunneththi Wednesday, 02 August 2023 10:58 AM

මොකක් හරි ලොකු වැඩකට හාමුදුරුවන්ගේ ඉදිරියේදී ඇතිවෙන්න විරෝධය අඩුකරගන්න දමන්න උප්පරවැට්ටියක්

:       4       4

Hasith Wednesday, 02 August 2023 04:27 PM

තව අවුරුදු 10ක් විතර යද්දී මේ සහජීවනය හොඳටම දැනෙන්න ගන්නවා.

:       0       0

Bamunuarachchi Thursday, 03 August 2023 11:06 AM

ඔව් ඔව් හම්බ ජනගහනය වැඩිවෙලා. ෂර්යා නීතිය ඉල්ලනකොට. වටලප්පන් දන් වළඳපු ගොයියෝ ටික අත් දෙකයි කකුල් දෙකත් උස්සලා කැමැත්ත දේවි .

:       0       1

Nimal Wednesday, 02 August 2023 06:04 PM

දේශපාලුවන්ට කනේ පහරක්... !

:       0       0

Dayananda bandara Friday, 04 August 2023 08:08 PM

ආගමික සහජීවනයට මෙවැනි සිදුවීම් වලට වැඩි ප්‍රසිද්ධියක් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site